සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1501
වැටි බඳිනවා
ක්‍රි. වේලි තනනවා ; අමුණු බඳිනවා.
වැටු
1. වි. පැවැත්වූ ; වර්තනය කළාවූ.
2. කරකැවූ ; ඇඹරූ.
වැටුප
1. නා. පහන ; ප්‍රදීපය ; පහන්වැටිය.
2. පඩිය ; කුලිය ; වේතනය.
3. රංග ස්ථානය ; රඟමඩල.
4. ජීවිකා වෘත්තිය ; දිවෙල.
5. සෙවුම ; ගවේෂණය.
6. වෙළඳාම.
වැටුප් ක්‍රමය
නා. තනතුරක් සඳහා නියමිත පඩි ප්‍රමාණය ; වැටුප් පරිමාණය.
වැටුප් පිරිවැය
නා. වේතන සඳහා යන වියදම ; පඩි වෙනුවෙන් වැය වන මුදල.
වැටුපුසිළ
නා.ප්‍ර. පහන්දැල්ල ; පහන් සිළ.
වැටුම් මඩුව
නා. රාජසභාව පවත්වන මණ්ඩපය ; රාජසභා මඩුල්ල.
වැටුම් සරි
වි. ජීවත්වීමට යෝග්‍ය ; සුදුසු හෝ ප්‍රමාණවත්.
වැටුම් සාල්
නා.ප්‍ර. පඩිය වශයෙන් දෙන සහල් ; කුලිය හැටියට ගෙවන හාල්.
වැටෙන තරුව
නා. විනාශ වන උල්කාව ; ගිනිගන්නා ; උල්කාපාතය.
වැටොළු
වි. අත්හැරිය යුතු ; වර්ජනය කළ යුතු.
වැඩ
1. නා.ප්‍ර. අභිවෘද්ධිය ; දියුණුව ; ප්‍රයෝජනය.
2. කර්මාන්තය ; කාර්යය ; මෙහෙය ; කටයුත්ත ; රාජකාරිය.
3. අලංකාර මෝස්තර ; සැරසිලි ; කැටයම්.
4. කුසල් ; පින්.
වැඩ අල්ලනවා
ක්‍රි. ශුභ නැකතට වැඩක් ආරම්භ කරනවා ; සිංහල අලුත් අවුරුදු දින නොනගත කාලය ගෙවුණු පසු පළමුවෙන් ම යම් කාර්යයක් ආරම්භ කරනවා.
වැඩ ඉන්නවා
1. ක්‍රි. පිදිය යුතු අයකූ වාඩි වී සිටිනවා ; හිඳිනවා.
2. වාසය කරනවා ; ජීවත්වෙනවා.
3. පැමිණ සිටිනවා.
වැඩ තොවිල්කාරයා
නා. පෙරහැර ආදි කටයුතුවලට සහාය වන පුද්ගලයා ; පාර සරසන පුද්ගලයා.
වැඩ දමනවා
ක්‍රි. ඇඳුම් රන් රිදී භාණ්ඩ ආදිය අලංකාර කරනවා ; ගෙත්තම් සැරසිලි කරනවා ; ඔප දමනවා.
වැඩ බලන්නා
1. නා. වැඩ පරීක්ෂකයා.
2. නියමිත පුද්ගලයා වෙනුවට තාවකාලිකව පත්කොට ඇති තැනැත්තා.
වැඩ විඳිනවා
ක්‍රි. අනුභව කරනවා ; භුක්ති විඳිනවා.
වැඩකරු
වි. යහපත සිදු කරන ; දියුණුව ගෙන දෙන ; සාධනීය ; අභිවෘද්ධිදායක.
1. නා.ප්‍ර. යහපත සිදුකරන තැනැත්තා ; අභිවෘද්ධිදායකයා.
2. මෙහෙකරුවා ; සේවකයා.
3. කම්කරුවා ; වැඩකරන්නා.
වැඩකලු
වි. වැඩ කිරීමට කැමැති වූ ; හිත සුව පිණිස වැඩ කිරීමෙහි ඇලුණු ; වැඩ කිරීමෙහිලා කල්ය වූ.
වැඩපළ
1. නා.ප්‍ර. වැඩ කරන ස්ථානය ; කම්හල ; වාඩිය.
2. වැඩකටයුතු ; මෙහෙය ; සේවය.
වැඩපැය
1. නා. වැඩ කරන පැය (ගණන).
2. සේවා ස්ථානයක වැඩ කළයුතු පැය ගණන.
වැඩම කරනවා
ක්‍රි. ගෞරවනීය පුද්ගලයකු හෝ වස්තුවක් කැඳවාගෙන හෝ රැගෙන එනවා ; වඩම්මනවා ; වැඩමවනවා.
වැඩවසම් ක්‍රමය
නා. රාජකාරිය සඳහා වැටුප් වෙනුවට ඉඩම්වල පලදාවෙන් කොටසකට හිමිකම් කීම ප්‍රධාන ලක්ෂණය සේ පැවතුණු පැරණි සමාජ ක්‍රමයක්.