සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1504

වැයදම

නා. වැය ; වියදම.

වැයික්කිය

නා. යමෙකුගේ අණසක වලංගු ප්‍රදේශය ; බල ප්‍රදේශය.

වැයිරි

1. නා.ප්‍ර. රේඛාව ; ඉර.
2. කය ; සිරුර ; ශරීරය.

වැර

1. නා.ප්‍ර. වීර්යය ; උත්සාහය ; වෑයම.
2. කය ; සිරුර.

වැරටි

1. නා.ප්‍ර. වියළි ගොම කැබලි ; වළං පිළිස්සීමට ගනු ලබන ද්‍රව්‍යයක්.
2. වැරටියාගේ කටුව.
3. වැරටි කටුවෙන් තනා ගන්නා හුණු.

වැරටියා

නා. මුහුදේ වසන බෙල්ලන් විශේෂයක්.

වැරසර

වි. වීරත්වයෙන් උසස් වූ ; ධෛර්යවත් වූ ; බලවත් වූ ; වීර්යයෙන් සාර වූ.

වැරහැල්ල

[නා) ඉරීගිය පරණ රෙද්ද ; කඩමල්ල.

වැරැටියා

නා. මුහුදේ වසන කළු පැහැති පියන් දෙකක් සහිත බෙල්ලන් විශේෂයක්.

වැරෝලි සේතුව

නා. (සත්ව.) පෘෂ්ඨවංශීන්ගේ මස්තිස්කා අර්ධගෝල යා කරන තන්තු සමූහය.

වැලඳ ගන්නවා

ක්‍රි. එකිනෙකා බදා ගන්නවා ; ආලිංගණය කරනවා ; සිප ගන්නවා.
2. වෙළා ගන්නවා.
3. සිරිත් විරිත් හෝ ලබ්ධියක් පිළිගන්නවා.

වැලපෙනවා

ක්‍රි. අඳෝනා කියමින් අඬනවා ; කෑගසමින් හඬනවා ; අධික ශෝකයෙන් හඬනවා ; විලාප තියනවා.

වැලලි දවස

නා. වැසිදිනය.

වැලසින්න

නා. වලස් ධේනුව ; වලසාගේ ගැහැණු සතා.

වැලහෙනවා

1. ක්‍රි. සැඟවෙනවා ; මුවහ වෙනවා.
2. අතුරුදහන් වෙනවා.

වැල්

1. නා.ප්‍ර. ස්වාධීන ව සෘජු ව නො නැඟී, ඉතා සිහින්ව දිගටම විහිදෙන පැළෑටි ; ලතා ; ලිය.
2. නූල්, ලණු, කම්බි ආදිය ඉහළින් දිග්ගැස්සීමෙන් ඇතිවන දැ.
3. පුරුක් එකට අමුණා හෝ මුතු ආදි ඇට අමුණා සෑදූ මාල.

වැල් අකුරු

නා.ප්‍ර. එකිනෙක නොකැඩෙන ලෙස සම්බන්ධ කර ලියන අකුරු ; වැලක ආකාරයට ලියන අකුරු.

වැල් අත

නා. පේෂ කර්මාන්තයේ දී භාවිත කරන උපකරණයක්.

වැල් දොඩම්

නා.ප්‍ර. ගෙඩිවල යුෂයෙන් රසවත් පානයක් සෑදිය හැකි තෙත් කලාපික භෝගයක්.

වැල් පැන්නුම

1. නා. හූනියම් විශේෂයක් ; තමන්ට සතුරු අයෙකු ගමන් කරන මාර්ගයෙහි ජප කළ වැලක් දමා එය පෑගෙන්නට සැලැස්වීම.
2. (කථා.) වැල්වලින් වළල්ලක් සාදා ආතුරයා වළල්ල උඩින් රිංගවා හූනියම කැපීම.
3. (කථා.) සිංහල ක්‍රීඩා විශේෂයක්.

වැල් පෙට්ටිය

නා. පුරාණයේ ආභරණ දැමීමට භාවිත කළ වේවැල් පෙට්ටි විශේෂයක්.

වැල් වඩුවා

නා. වේවැල්වලින් භාණ්ඩ සාදන්නා ; වේවැල් කාර්මිකයා.

වැල්ඩිං

නා.ප්‍ර. ලෝහ වර්ග තාපරක්ත තත්ත්වයෙන් පෑස්සීම.

වැල්පොළිය

නා. මුල් මුදලට වාර්ෂික ව එකතු වන පොළිය ද එකතු වූ පසු ඒ මුළු මුදලට පොළිය ගණන් බැලීමේ ක්‍රමය.