සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1522
විද්යුත්ජනක බලය
(පාරිභා.) නා. බැටරියක් ප්‍රවාහ මාර්ගයක යෙදූ විට ඇති කෙරෙන විදුලිය උපදවන ශක්තිය.
විද්යුත්ධන
(පාරිභා.) වි. ධන විද්‍යුත් ආරෝපණයක් ඇති ; ධන අයන උපදවන.
විද්‍යුත්ධාරාව
(පාරිභා.) නා. වස්තුවක් තුළින් ඍණ ආරෝපණයකින් යුක්ත ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම.
විද්යුත්ප්රතිගාමක බලය
(පාරිභා.) නා. විරුද්ධ දිසාවට ගමන් කරන්නා වූ විද්‍යුත් ගාමක බලය.
විද්යුත්පාතය
නා. විදුලි කෙටීම.
විද්යුත්බලය
(පාරිභා.) නා. විද්‍යුත් ප්‍රභවයක සිට සන්නායකයක් තුළින් ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමෙන් ඇතිවන ශක්තිය.
විද්‍යුත්මය
(පාරිභා.) වි. විද්‍යුතය සම්බන්ධ වූ ; විද්යුතයෙන් සෑදුණු ; විදුලියෙන් නිපැයුණු.
විද්යුත්මාපකය
(පාරිභා.) නා. විද්‍යුත් බලයේ ශක්තිය මැනීමට උපයෝගී කරගනු ලබන උපකරණය.
විද්යුත්ලෙහ කටාරම
නා. විද්‍යුත් බල ශක්තියෙන් ලෝහ වර්ග උණු කිරීම සඳහා යොදාගන්නා කල්දේරම.
විද්යුදණුව
(පාරිභා.) නා. පරමාණුව සෑදී ඇති මූලික කොටස් තුනෙන් එකක් ; පරමාණුවක න්‍යෂ්ටිය වටා කක්ෂවල ගමන් කරන කුඩා සෘණ විදුලිය ආරෝපිත අංශුව ; ඉලෙක්ට්‍රෝනය.
විද්යුදාරෝපණය
විද්යුමෝචනය
(පාරිභා.) නා. විද්යුතයගතවූ වස්තුවකින් විදුලිබලය නිදහස් කර හැරීම.
විද්යෝතමාන
වි. බබළන ; දිලිසෙන ; විරෝචනය වන.
විද්යෝද්ග්රහණය
[විද්‍යා + උද්ග්‍රහණය]
නා. ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම ; ශාස්ත්රාධ්යයනය.
විද්යෝපජීවයා
නා. මන්ත්‍ර ශාස්ත්‍ර ආදි කිසියම් ශිල්පයක් ප්‍රදර්ශනය කිරීමෙන් දිවි රැකගන්නා ; ශාස්ත්‍රය ජීවිකා වෘත්තිය කරගත් තැනැත්තා.
විද්රැම
නා.ප්‍ර. ප්‍රවාල ; පබළු.
විදා
නා.ප්‍ර. දුර්වල තැනැත්තා.
විදානෙ
නා.ප්‍ර. ගම් කොට්ඨාසයක පාලකයා.
විදානෙ ආරච්චි
නා.ප්‍ර. විදානෙවරුන් කීපදෙනකුගේ නායකයා.
විදාර
නා.ප්‍ර. පැළීම.
විදාරකය
නා. එක ඇටය බැගින් ඇති වූ ද නොපැළෙන කොටස් කීපයක් බවට කැඩෙන්නා වූ ද වියළි ඵලයක්.
විදාරණය
1. නා. පුපුරා යෑම ; ගිනි කන්දක් සේ පුපුරා ගිනි ගැනීම ; පැළීම.
2. නැති කිරීම ; අභාවයට පත් කිරීම ; නැසීම.
විදාලනය
නා. පැළීම ; පිපිරීම.
විදැටි
වි. අවබෝධ කළා වූ ; ප්රත්යක්ෂ වශයෙන් දක්නා ලද.