සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1521
විද්‍යුත් රන්දකය
(පාරිභා.) නා. අහස් විදුලිය ඇදගන්නා උපකරණය ; විදුලිබලය රැඳවීමට උපකාර වන මෙවලම.
විද්‍යුත් රසායනය
(පාරිභා.) නා. රසායනික විපර්යාසයත් විද්‍යුතයත් අතර තිබෙන සම්බන්ධතාව උගන්වන ශාස්ත්‍රය.
විද්‍යුත් රසායනික තුල්‍යය
(පාරිභා.) නා. කූලෝමයක විද්‍යුත් ප්‍රමාණයකින් තැන්පත් වන ද්‍රව්‍යවල බර ; විද්‍යුත් රසායනික සමකය.
විද්‍යුත් ලතාව
නා. විදුලි කොටන විට ලතාවක් සේ පෙනෙන ආලෝක ධාරාව.
විද්‍යුත් විග්‍රහය
(පාරිභා.) නා. රසායනික සංයෝගයක් මූල ධාතුවලට බෙදා වෙන් කිරීම ; විද්‍යුත් විච්ඡේදනය.
විද්‍යුත් විච්ඡේදක ඔරුව
(පාරිභා.) නා. විදුලි ධාරාවක් යවා සංයෝගයක් වියෝගකරණයට උපයෝගී කරගන්නා බඳුන.
විද්‍යුත් විච්ඡේදනය
(පාරිභා.) නා. විලීන තත්ත්වයේ හෝ ද්‍රාවණ තත්ත්වයේ හෝ තිබෙන සංයෝගයක් තුළින් විද්‍යුත් ධාරාවක් යැවීමෙන් එය මූලධාතුවලට වියෝජනය කිරීමේ ක්‍රියාවලිය.
විද්‍යුත් විච්ඡේද්‍ය ද්‍රව
(පාරිභා.) නා.ප්‍ර. විදුලිය සන්නයනය කරන අම්ල, භෂ්ම හා ලවණ ආදි ද්‍රව.
විද්‍යුත් විච්ජේදක කෝෂය
(පාරිභා.) නා. විද්‍යුත් විච්ඡේදන ධාරාවක් පිටකර හරින බැටරි ඒකකය.
විද්‍යුත් විච්ජේද්‍ය ඔක්සිකරණය
(පාරිභා.) නා. විද්‍යුත් බල ශක්තියෙන් ඔක්සයිඩයකට හෝ ඔක්සිජන් සංයෝගයකට පරිවර්තනය කිරීම ; ආශ්වාසය මගින් (රුධිරයට) ඔක්සිජන් සංයෝග කිරීම.
විද්‍යුත් විද්‍යාව
(පාරිභා.) නා. විද්‍යුතය පිළිබඳ උගන්වන ශාස්ත්‍රය.
විද්‍යුත් විභව අන්තරය
(පාරිභා.) නා. ලක්ෂ්‍ය දෙකක් අතර තිබෙන විද්‍යුත් මට්ටම්වල වෙනස.
විද්‍යුත් විස්ථාපන දෛශිකය
(පාරිභා.) නා. එක් ලක්ෂ්යයක සිට අවකාශයෙහි වෙනත් ලක්ෂ්‍යයක් කරා දිවෙන විද්‍යුතය පිළිබඳ ප්‍රමාණය සීමා කිරීම, දිවෙන විද්‍යුතයේ තැන් වෙනස් කිරීම.
විද්‍යුත් ශක්තිය
(පාරිභා.) නා. විද්‍යුත් ජනකයකින් නිකුත් වන ඉලෙක්ට්‍රෝන ධාරාවකින් පිටවන ශක්තිය ; විද්‍යුතයේ ශක්තිය.
විද්‍යුත් සංයුජතාව
(පාරිභා.) නා. එක් අයනයකට වෙනත් වර්ගයක අයනයක් සමඟ සංයෝජනය වීමේ හැකියාව ; ඉලෙක්ට්‍රෝන මාරුව.
විද්‍යුත් සන්නමනය
(පාරිභා.) නා. විද්‍යුතය උත්තේජන දිසාවට සම්බන්ධ නැති ව අනික් දිසාවකට නැමීම.
විද්‍යුත් සන්නායකතාව
(පාරිභා.) නා. ද්‍රාවණයක ඇති අයන මගින් විද්‍යුතය ගමන් කිරීමේ හැකියාව.
විද්‍යුත් සන්නායකය
(පාරිභා.) නා. විද්‍යුතය සම්ප්‍රේෂණය කරන මාධ්‍යය ; විදුලිය ගෙන යන ද්‍රව්‍යය.
විද්‍යුත් ස්ථාපකය
(පාරිභා.) නා. විදුලිය පිටතට කාන්දුවීම වැළැක්වීම පිණිස රබර් වීදුරු ආදී ද්‍රව්‍යවලින් සන්නායකයකට යොදන ආවරණය.
විද්‍යුත්කරණය
(පාරිභා.) නා. විදුලිය ශක්තිය කැවීම ; විද්‍යුත් ශක්තියෙන් යුක්ත කිරීම.
විද්යුත්ග්රාහිතාව
(පාරිභා.) නා. විදුලිබලයකට පහසුවෙන් භාජනය වීමේ ගුණය ; විද්‍යුත් පාත්රිතාව ; විද්‍යුත් නම්නතාව.
විද්‍යුත්ගාමක බලය
(පාරිභා.) නා. විද්යුතයෙහි ඇති පීඩන ශක්තිය ; ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර ඇති වන විභව අන්තරය.
විද්‍යුත්ගාමක ශ්‍රේණිය
(පාරිභා.) නා. සම්මත ඉලෙක්ට්‍රෝඩ විභව අනුව පෙළ ගසන ලද රසායනික මූලද්‍රව්‍ය මාලාව.
විද්යුත්ගාමකය
(පාරිභා.) නා. විද්‍යුත් පරිපථයක් තුළ විද්‍යුතය ගමන් කරවන බලය ; විද්‍යුත් අන්තරය.