සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1520
විද්‍යාවේදී
1. නා.ප්‍ර. ශාස්ත්‍ර ශිල්ප, පිළිබඳ අවබෝධය ඇත්තා ශාස්ත්‍රධරයා ; විද්යාධාරියා.
2. විද්‍යා විෂය ආශ්රිත ව විශ්වවිද්‍යාලයකින් ලැබිය හැකි ප්‍රථම උපාධිය.
විද්යුත කූලෝමය
(පාරිභා.) නා. විද්යුත ප්‍රමාණය මනින ප්‍රායෝගික ඒකකය ; තත්පරයක දී ඇම්පියරයක විද්‍යුත් ධාරාවකින් සම්ප්‍රේෂණය කෙරෙන විද්‍යුත් ප්‍රමාණය.
විද්යුතනය
(පාරිභා.) නා. එකිනෙකට වෙනස් ද්‍රව්‍ය සංඝටනයෙන් විදුලිබලය ඇති කිරීම.
විද්‍යුතය
නා. පරමාණුවක තිබෙන ඉලෙක්ට්‍රෝන නමැති කොටස් ඉන් වෙන්වීම හෝ ගමන් කිරීම හෝ හේතුකොට ගෙන ඇතිවන ශක්ති ප්‍රභේදය ; විදුලිය.
විද්‍යුත්
වි. විදුලිබලය පිළිබඳ වූ විදුලිබලය හා සම්බන්ධ විද්යුතීය ; විදුලිමය.
විද්‍යුත් අග්‍රය
(පාරිභා.) නා. විදුලිය බලයෙන් පෑස්සීමේ දී භාවිත වන කම්බිය ; විද්‍යුත් විච්ඡේද්‍යයක් වැනි වෙනත් විද්‍යුත් සන්නායකයක් සමග ගැටී විවෘත විද්‍යුත් පරිපථයක් ගෙන යන ලෝහමය සන්නායකය ; ඉලෙක්ට්‍රෝඩය.
විද්‍යුත් අවයවය
(පාරිභා.) නා. (සත්ව.) විදුලි ආඳුන් වැනි ඇතැම් සතුන්ගේ ශරීරයේ පිහිටි විදුලි සැර නිකුත් කළ හැකි අවයවය.
විද්‍යුත් අවසාධනය
(පාරිභා.) නා. විද්‍යුත් විච්ඡේදන පිහිට කොටගෙන සිවියක සිදුරු තුළ ලෝහයක් අවක්ෂේපණය කිරීම.
විද්‍යුත් අවිච්ඡේදය
නා. ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර විද්යුත්ධාරාවක් ගමන් නොකරන ද්‍රවය හෝ ද්‍රාවණය.
විද්‍යුත් ආරෝපණය
(පාරිභා.) නා. (භෞති.) විද්‍යුත් ශක්තියෙන් යුක්ත වීම ; විදුලිබලය කාවැදීම ; විද්‍යුතය අන්තර්ගත වීම.
විද්‍යුත් ආලේපනය
(පාරිභා.) නා. විදුලිය බලයෙන් ලෝහයක් මත තවත් ලෝහයක් ගැල්වීම ; බාල ලෝහයක් මත වටිනා ලෝහයක් විදුලිය බලයෙන් ආලේප කිරීම.
විද්‍යුත් උපධානය
(පාරිභා.) නා. විදුලිබලය වැදීමෙන් ආරක්ෂාවීම පිණිස යොදන මෘදු ඝන වෙළුම.
විද්‍යුත් කන්තු රේඛකය
(පාරිභා.) නා. හෘදය වස්තුවේ ස්ඵන්දනය විදුලි බලයෙන් සටහන් කරන යන්ත්‍රය.
විද්‍යුත් කුංචනය
(පාරිභා.) නා. ධන හා ඍණ අයන අතර ගලන අන්‍යෝන්‍ය විද්‍යුත් බලය ; විදුලි ප්‍රවාහය.
විද්‍යුත් ග්‍රහණය
(පාරිභා.) නා. විදුලි ශක්ති ග්‍රහණයට ලක්වන බලශක්ති ප්‍රමාණය.
විද්‍යුත් චාප ඌෂ්මකය
(පාරිභා.) නා. අධික උෂ්ණත්වය ඇති කරන විද්‍යුත් චාපක උදුන.
විද්‍යුත් චාපය
නා. විදුලි පරිපථ දෙකක දෙකෙළවර එකිනෙකට ළංවීමේ දී ඇති වන දැඩි තාප ශක්තියකින් යුතු දුන්නක හැඩය ගත් විද්‍යුත් ධාරාව.
විද්‍යුත් චුම්බකය
(පාරිභා.) නා. කම්බි දඟරයක ගමන් කරන විදුලිය ධාරාවක් කරණකොට ගෙන චුම්බකයක් බවට පත් වූ මෘදු යකඩ කැබැල්ලක්.
විද්‍යුත් ජනකය
(පාරිභා.) නා. යාන්ත්‍රික බලය විදුලිබලය බවට පරිවර්තනය කරන උපකරණය ; ඩයිනමෝව.
විද්‍යුත් තීව්‍රතාව
(පාරිභා.) නා. ලක්ෂ්යයක තැබූ විද්‍යුත් කුලෝමයක ආරෝපණයක් මත යෙදෙන සම්ප්‍රයුක්ත බලය.
විද්‍යුත් ප්‍රභව
(පාරිභා.) නා.ප්‍ර. බැටරි, ඩයිනමෝ ආදී විදුලිය ජනනය කරවන උපකරණ.
විද්‍යුත් ප්‍රහරණය
(පාරිභා.) නා. විදුලි සැරය ශරීරගත වීමෙන් ඇතිවන කම්පනය.
විද්‍යුත් බවුතය
(පාරිභා.) නා. ලෝහ පෑස්සීමේදී ඊයම් ද්‍රව කිරීම සඳහා පාවිච්චි කරන විදුලි උපකරණය.
විද්‍යුත් මූලිකය
(පාරිභා.) නා. විදුලිබලය ගෙන යන ප්‍රධාන කම්බිය.