සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1536
විමුග්ධ වෙනවා
ක්‍රි. මුළා වෙනවා ; මෝඩ වෙනවා ; රැවටෙනවා.
විමූර්ජනය
(පාරිභා.) නා. තාරතාව හෝ සංඛ්‍යාතය වෙනස් නොකිරීම ; විස්තාරය හෝ වෙන යම් ලක්ෂණයක් හෝ වෙනස් නොකිරීම.
විමෝක්ෂය
1. නා. මිදීම ; සසර දුකින් මිදීම ; නිර්වාණය.
2. නිවනට පමුණුවන මාර්ගය.
විමෝචක බලය
නා. පිට කිරීමේ, නිකුත් කිරීමේ ශක්තිය.
විමෝචකය
(පාරිභා.) නා. පිට කරන, නිකුත් කරන උපකරණය හෝ වස්තුව.
විමෝචන වර්ණාවලිය
(පාරිභා.) නා. පිට කරන, නිකුත් කරන රැස් වළල්ල ; රශ්මි මාලාව.
විමෝචනය
1. නා. පිට කිරීම ; නිකුත් කිරීම.
2. අනුකම්පාව ; දයාව ; සමාව.
විමෝහකයා
නා. සිත් මුළා කරන්නා ; සිත් වශීකරන තැනැත්තා.
විමෝහනය
නා. සිත් ඇද ගැනීම ; සිත් වශී කිරීම ; රැවටීම.
විමෝහය
නා. මුළාවීම ; රැවටීම.
විය
1. නා.ප්‍ර. වයස ; කාලය.
2. ව්‍යාධි ; ලෙඩරෝග.
3. වැයවීම ; ගෙවීයාම.
4. පක්ෂි ; සියොත්.
5. වී නමැති ධාන්‍ය.
6. වියගහ.
7. ව්‍යායාමය ; වෙහෙස.
8. අහස ; ආකාශය.
9. වියෝගය ; වෙන්වීම.
10. දුන්නෙහි ලනුව ; දුනුදිය.
විය ඇණය
(කථා.) නා. වියදණ්ඩ ඒරිය කඳට සවි කිරිමේ දී දෙකෙළවර සමබරව සිටීමට හරි මැදින් උඩින් ගහන ඇණ ය.
විය කරනවා
(කථා.) ක්‍රි. සෑහෙන වැටුපක් නැතිව අනුන්ට වැඩ කරනවා.
විය කුලිය
නා. කුඹුරේ වැඩ කිරීම වෙනුවෙන් ගෙවන කුලිය ; වැඩ කුලිය.
විය කොලය
(කථා.) නා. ධාන්‍යවලින් ගෙවන පොරොන්දුව පිට ගොවි උපකරණ ලබා ගැනීමේ ක්‍රමය.
විය ගස
නා. නගුලේ දිගු දණ්ඩ සවිකොට ඇති ලීය ; වියදණ්ඩ.
විය තුණ්ඩුව
(කථා.) නා. ගොනාගේ කරපටිය දමා බැඳීමට වියගහේ ඇති සිදුර.
විය දණ්ඩ
නා. වියගස.
විය දමනවා
(කථා.) ක්‍රි. බැඳ සිටි ගොන් බාන වියකරින් අස් කරනවා ; ලිහා දමනවා.
විය පුහුල
(කථා.) නා. විය ගහේ මැද කවාකාරව පුහුලක් මෙන් සිටින සේ සාදන ලද කොටස.
විය පොල්ල
නා. කරත්තයක ඒරිය කඳ බිම නොවැටෙන සේ එහි අග සවි කරන උස් පහත් කළ හැකි පොලු කැබැල්ල.
විය සිදුර
නා.ප්‍ර. වියගහේ ගොනා බැඳීමට ලනුව දමන සිදුර.
වියකන
1. නා. අර්ථකීම ; අරුත් කියමන ; ව්‍යාඛ්‍යාන කිරිම.
2. ව්‍යාඛ්‍යාන ග්රන්ථ.
වියකනවා
ක්‍රි. අර්ථ කියනවා ; අර්ථ ව්‍යාඛ්‍යාන කරනවා.