සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1535
විමතිච්ඡේදන
වි. සැක නැති කරන.
විමතිය
1. නා. සැකය ; සංකාව.
2. විරුද්ධ අදහස.
විමධ්යකරණය
නා. මධ්‍යගත පාලන බලය කොටස්වලට කඩා පැවරීම.
විමධ්‍යගත
වි. මධ්‍යගත පාලන බලය කොටස්වලට බෙදා පවරන ලද ; ප්‍රාදේශීය අංශවලට බෙදුණු.
විමන
1. නා. වාසය කරන ස්ථානය ; ගෙය ; මන්දිරය ; විමානය ; මාළිගාව.
2. දෙවිවරුන්ගේ මාළිගාව.
3. ගුවන් යානය ; ගුවන් විමන.
විමර්දය
1. නා. මැඞීම ; පොඩි කිරීම.
2. සටන ; යුද්ධය.
3. අර්ථ පිරික්සීම ; පරීක්ෂා කර බැලීම.
විමර්ශනය
නා. පරීක්ෂා කිරීම ; සෝදිසි කිරීම ; විමසීම.
විමර්ශිකයා
නා. යමක් විමසා බලන පුද්ගලයා ; පරීක්ෂා කරන තැනැත්තා ; සෝදිසි කරන්නා.
විමල
1. වි. නිර්මල වූ ; පිරිසිදු වූ ; නොකිලිටි වූ.
2. නිර්මල දෙය ; මල රහිත ද්‍රව්‍යය.
විමසනවා
ක්‍රි. පරීක්ෂා කර බලනවා ; සෝදිසි කරනවා ; අසනවා.
විමස්තිෂ්ක
නා. මස්තිෂ්කය හෙවත් මොළය ඉවත් කළ.
විමාන ප්‍රේතයා
නා. කලක් දුක් විඳ කලක් සැප විඳින විමානයක වෙසෙන ප්‍රේතයා.
විමානය
1. නා. මාළිගය ; ප්‍රාසාදය ; මන්දිරය.
2. දෙව් විමන ; දෙවියන්ගේ වාසභවනය.
විමාර්ජන
නා.ප්‍ර. මැදීම ; මට්ටම් කිරීම.
විමුක්ති
වි. මිදුණා වූ ; නිදහස ලැබුවා වූ.
විමුක්ති මාර්ගය
නා. සසරින් මිදීමේ මග.
විමුක්ති සුවය
නා. සසර දුකින් මිදීමේ සැපය ; නිවන් සුවය.
විමුක්ති සේනාව
නා. නිදහස සඳහා සටන් කරන සේනාව.
විමුක්තිඥාන දර්ශනය
නා. කෙලෙස්වලින් මිදීමට ඉවහල් වන නුවණ.
විමුක්තිදායක
වි. නිදහසට පමුණුවන ; විමුක්තිය ගෙන දෙන.
විමුක්තිදායකයා
නා. නිදහස දෙන්නා ; විමුක්තිය දෙන්නා ; ගැලවුම්කාරයා.
විමුක්තිය
1. නා. කෙලෙසුන්ගෙන් මිදීම; නිර්වාණය ; මෝක්ෂය.
2. දේශපාලන නිදහස ; ස්වාධීනත්වය ; වහල් බවින් මිදීම.
විමුඛ
වි. අන් දෙස බලාගත් ; පිටුපෑවා වූ.
විමුඛය
නා. පිටුපෑම ; නොසලකා හැරීම.