සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1539
වියරු වෙස්
නා.ප්‍ර. විකාර විලාසය ; පිස්සකුගේ ආකාරය.
වියරුබස්
නා.ප්‍ර. උමතුවෙන් කරන කථා ; විකාර වචන.
වියරුව
1. නා. විකාරය ; උමතුව.
2. සිහි නැති වී සෑදෙන රෝගයක නාමය ; අපස්මාරය.
වියල
1. නා. කොටියා ; ව්‍යාඝ්‍රයා.
2. (කථා.) ඔරු කඳ හා කොල්ලෑව සම්බන්ධ කරන සාමාන්‍යයෙන් වක් හරස් ලීය.
3. (කථා.) මිනිසකුට වරක් පෑගීමට පුළුවන් මැටි ප්‍රමාණය.
4. ඇඳ පුටුවල ඇති හරස් ලීය.
5. ආසනවල වේවැල් ඇදීම සඳහා සිදුරු කරන ලද පට්ටම් ලීය.
6. වැපිරීමට සකස් කළ කුඹුර.
7. රාශිය ; ගොඩ.
8. ප්‍රදාහය ; දැවිල්ල.
9. ගඩු විශේෂයක් ; ලේ ගඩුව.
වි. දුබල ; බලයෙන් පිරිහුණු ; මහලු.
වියල විටිය
නා. අස්වැද්දීමට සුදුසු ඉඩම.
වියලි තාපක්රමය
(පාරිභා.) නා. පැරන්හයිට් 300 ක හෝ සෙන්ටිග්‍රේඩ් 150 ක උෂ්ණත්වයෙන් යුත් තාප ක්‍රමය.
වියවුල
නා. ආරාවුල ; අවුල ; කලබලය.
වියවුලු
වි. අනුනට අයත්.
වියසනය
ව්‍යසනය බ.
වියසෙන් කපාටය
(පාරිභා.) නා. ක්ෂීරපායීන්ගේ මොළයේ අංශයක්.
වියහියදම
නා. උවමනාවක් සපුරා ගැනීමට අවශ්‍ය වන මුදල.
වියළ
නා.ප්‍ර. වියළි ස්ථානය
වියළන කුළුණ
(පාරිභා.) නා. ඇමෝනියම් හා කැල්සියම් ක්ලෝරයිඩ් එක්ව සෑදුණු සංයෝග වායුව වියළීමට සාදාගන්නා කුළුණ ; ශෝෂණ වරණිය.
වියළනය
(පාරිභා.) නා. යමක් වේළීම කරවන උපකරණය.
වියළනවා
ක්‍රි. තෙත ගතිය නැතිවීමට සලසනවා ; නිර්ජල කරනවා.
වියළි
වි. වේළුණු ; දිය රහිත ; ශුෂ්ක.
වියළි ඊස්ට්
(පාරිභා.) නා.ප්‍ර. මද්‍යසාර වර්ග පෙරීමේ දී යොදාගන්නා මිශ්‍රණයක්.
වියළි උෂ්ණ ගිම්හානය
නා. වියළි උණුසුම් දේශගුණයෙන් යුක්ත ග්‍රීෂ්ම සෘතුව.
වියළි කලාපය
(පාරිභා.) නා. වාර්ෂිකව අඩු වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශය.
වියළි කෝෂය
(පාරිභා.) නා. වියළි බැටරි කෑල්ල.
වියළි පරීක්ෂාව
(පාරිභා.) නා. ද්‍රව්‍යයක් ද්‍රාවනයක් බවට පත් නො කොට කරන පරීක්ෂාව.
වියළි පලතුරු
(පාරිභා.) නා.ප්‍ර. වේළන ලද පළතුරු.
වියාදි විස
නා.ප්‍ර. ජ්‍යෝතිෂයේ දක්වන විෂම යෝගයක්.
වියැකෙනවා
ක්‍රි. දිරාපත් වෙනවා ; ගෙවී යනවා.