සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1540
වියැට
නා.ප්‍ර. වී ඇටය.
වියැටි
[වි + ඇටි]
වි. වනු කැමති ; වීමට කැමති.
වියුක්ත
වි. විරහිත ; වෙන් වූ.
වියුක්ත කරණය
(පාරිභා.) නා. අන් අරමුණක සිත යෙදවීම ; අපහරණය.
වියුක්ත චින්තනය
නා. අන් අරමුණක යොදවන ලද චින්තනය ; සංකල්පය.
වියුක්ත සංකල්පය
නා. භාව සූචක නොවන සිතිවිල්ල.
වියුක්තිය
නා. වෙන් වීම ; විරහිත බව.
වියුත්පන්නය
නා. විශේෂයෙන් නිපදවන ලද දෙය.
වියුතිය
(පාරිභා.) නා. ලඝු ගණකයේ දී අංකයකට උඩින් තබන කෙටි ඉර.
වියුතු
වි. වියුක්ත ; රහිත.
වියුම
1. නා. කීම ; පැවසීම.
2. වියමන ; රටා දැමීම.
වියූහනය
නා. විසුරුවා හැරීම ; ඉවත් කිරීම.
වියො අනල
නා.ප්‍ර. ආදරවතුන්ගෙන් වෙන් වීම නිසා ඇති වන හද දැවිල්ල ; වියෝග ගින්න.
වියොකල්
නා.ප්‍ර. සිය සැමියාගෙන් වෙන් වූ කාන්තාව ;
වියොජනයා
නා. වෙන් ජනයා ; විප්‍රවාසයට පත් ජනයා. වූ
වියොව
නා. වියෝගය ; විරහය.
වියොවග
1. නා.ප්‍ර. වියෝගය නමැති ගින්න.
2. අනංගයා ; අනඟ.
වියොවග සතුරු
නා.ප්‍ර. ඊශ්වර ; අනඟරුපු.
වියෝගය
නා. තමා ප්‍රිය කරන අයකුගේ ඇසුරෙන් වෙන්වීම ; විරහය.
වියෝජනය
1. නා. වෙන්වීම ; බිඳී යාම.
2. (පාරිභා.) අණුවක් වඩාත් සරල අණු හෝ පරමාණු බවට නිත්‍ය ලෙස බිඳීයාම.
වියෝලය
1. නා. (කථා.) ලොකු රවිකිඤ්ඤය.
2. පිඹ වාදනය කරන තූර්ය භාණ්ඩයක්.
විරංගනය
(පාරිභා.) නා. ශරීරයේ සම ආදියෙහි පාට වෙනස්වීම ; වර්ණය නැතිවීම ; දුර්වර්ණ වීම.
විරංජකය
නා. සුදුපැහැ ගැන්වීම සඳහා හෝ වර්ණ ඉවත් කිරීම සඳහා හෝ වර්ණ වෙනස් කිරීම සඳහා හෝ භාවිත කරන රසායනික ද්‍රව්‍යයක්.
විරංජනය
නා. වර්ණවත් ද්‍රව්‍යයක වර්ණය ඔක්සිකරණය හෝ ඔක්සිහරණය මගින් ඉවත් කිරීම ; සුදු කිරීම.