සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1541

විරක්ත

1. වි. නො ඇලුණු ; රාග රහිත.
2. ඉක්මුණු ; අතික්‍රාන්ත.

විරචිත

1. වි. පිළියෙළ කළ ; සෑදු.
2. රචනා කරන ලද ; ලියූ.

විරජ

වි. කෙලෙස් රජස් නැති ; ඇල්මක් නැති.

විරජ්ජන

වි. නොඇලෙන ; විරාගී.

විරත

1. වි. කිසියම් ක්‍රියාවකින් මිදුණු ; විරක්ත.
2. රාගයෙන් නොඇලුණු.
3. රතුපාට නැති.

විරති සත්‍යය

නා. මුසාවාදයෙන් වෙන්වීම නම් වූ සත්‍යය.

විරතිය

නා. වෙන්වීම ; වැළකීම ; පාපක්‍රියා ආදියෙන් දුරු වී සිටීම.

විරන

වි. විහිදුවන ; විසුරුවන.

විරමණ ශීලය

නා. ප්‍රාණඝාතයෙන් වැළකීම.

විරල

1. වි. ඝන නොවූ ; තුනී.
2. බහුල නොවූ ; දුර්ලභ වූ.
3. ළං නොවූ ; ඈත් වූ.

විරලනය

1. නා. වාතය ඉවත් කිරීම ; විරල කිරීම.
2. (පාරිභා.) කැල්සියම් ලවණ ඉවත්වීම නිසා ඇටවල ඝනත්‍වය අසාමාන්‍ය ලෙස අඩුවීම.

විරවන

වි. උණු කරන ලද.

විරවනවා

1. ක්‍රි. අතින් කටින් ඇසින් විකාර කරනවා.
2. කෑ මොර ගහනවා.
3. දිග හරිනවා.

විරවිතව්‍ය

වි. වැළකිය යුතු ; අත්හළ යුතු.

විරහය

1. නා. වියෝගය ; වියෝව.
2. නැතිවීම.
3. ප්‍රියයාගෙන් වෙන්වීම ; විප්‍රලම්භය.
4. රතිකෙළිය.

විරා

වි. පහ වූ රාග ඇති ; විරාගී.

විරාග සංඥාව

නා. සියලු සංස්කාරයන්ගේ ශමනය ; තෘෂ්ණාව ක්ෂය කිරීම ; නිවීම.

විරාගය

1. නා. රාගය රහිත බව ; විතරාගය.
2. ප්‍රහාණය කිරීම.
3. නො ඇල්මට හේතුවන නිර්වාණය ; ඛය විරාගය හා අච්චන්ත විරාගය.
4. වෙනස් වර්ණය ; විවිධ වර්ණය ; නොයෙක් වර්ණය.

විරාජමාන

1. වි. බබළන ; වොරඳන.
2. වැජඹෙන.

විරාජ්

නා.ප්‍ර. දුරු කිරීම.

විරාජිත

1. වි. බැබැළුණු ; විශේෂයෙන් දීප්තිමත් වූ.
2. බැබැළවූ.

විරාම ලක්ෂණ

නා.ප්‍ර.බහු. පද වෙන් කොට දැක්වීම සඳහා ලිවීමේ දී භාවිත කෙරෙන තිත, කොමාව ආදී ලකුණු.

විරාමය

1. නා. ටිකකට නතර කිරීම ; නැවතීම ; විශ්‍රාමය.
2. විරාම ලක්ෂණය.
3. පද්‍යයන්හි නවත්වා කිය යුතු තැන.
3. භාරතීය සංගීතයෙහි දැක්වෙන තාල ප්‍රභේදයක්.
7. ශීල සංයමය.

විරාවනය

නා. නාදය ; රාවය.