සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1542

විරි

නා.ප්‍ර. වීර්යය.

විරික්ත

වි. විරේක කළ.

විරිත

1. නා.ප්‍ර. පද්‍ය බන්ධනය කරන තාලය ; ලඝු ගුරු මාත්‍රාදී නියමය.
2. සූත්‍රයක අර්ථාදිය ප්‍රකාශ කරන වාක්‍යය ; වෘත්තය.

විරිත්

නා.ප්‍ර. ආචාර ධර්ම ; චාරිත්‍ර.

විරිති

නා.ප්‍ර. නිය කුණුවීම.

විරිතිය

නා. බඩෙහි අග දෙපස වළ ගැසුණු දෙතැන ; උපරන්ධය.

විරිය

නා.ප්‍ර. කටයුත්තෙහි නොපසු බස්නා ස්වභාවය.

විරියබලය

නා. නොපසු බස්නා ස්වභාවයෙන් කටයුතු කිරීමට ඇති ශක්තිය.

විරියින්ද්‍රිය

නා.ප්‍ර. සම්ප්‍රයුක්ත ධර්මයන්ට ප්‍රධාන වූ වීර්යය ; වීර්ය නමැති ඉන්ද්‍රිය.

විරු

1. නා.ප්‍ර. බලවත් නිර්භීත පුරුෂයා.
2. යුද්ධයෙහි දක්ෂයා ; රණශූරයා.
3. වීර රසය.
වි. විලීන ; දිය වූ.
නි. වැනි ; ආකාර.

විරු රස

නා.ප්‍ර. වීර රසය ; කාව්‍ය ශාස්ත්‍රයෙහි එන රසවලින් එකකි.

විරුත්

නා.ප්‍ර. වැල් හා කුඩා ශාක.

විරුති

වි. නොඇලුණු ; විරක්ත.

විරුද

1. නා.ප්‍ර. ස්තුති කාව්‍ය.
2. විරුද නාමය.
3. රබානක් වයමින් ගයන දෙපද ගී විශේෂයක්.

විරුද දවුංඩය

නා. දවුංඩ නමැති බෙර විශේෂය හා ආශ්‍රිත ව සිංහල රජුන් පිරිනැමූ උපාධියක්.

විරුදත්

නා. විරුද්ධාර්ථය දීපකය වන (මතු වී එන) අලංකාරය.

විරුදනාමය

නා. ප්‍රභූවරුන් උදෙසා ස්තූති වශයෙන් පටබැඳි ගරු නාමය ; සම්මාන වශයෙන් ප්‍රදානය කරනු ලබන නාමය.

විරුද්ධ

1. වි. පක්ෂ හෝ මධ්‍යස්ථ නොවන ; හතුරු ; එදිරි.
2. නොගැළපෙන ; එකඟනොවන ; වෙනස්.
3. පීඩාකර.
4. එක එල්ලේ අනෙක් පැත්තට අයත්.

විරුද්ධ ක්‍රිස්තු

නා.ප්‍ර. ක්‍රිස්තුස් වහන්සේගේ සතුරා ; විරුද්ධකාරයා.

විරුද්ධ ග්‍රාහය

නා. විරුද්ධව සිතා ගැනීම ; වැරදි ලෙස වටහා ගැනීම.

විරුද්ධ පක්ෂය

1. නා. එකඟ නොවී, එරෙහි ව කටයුතු කරන කණ්ඩායම.
2. පාර්ලිමේන්තුවක ආණ්ඩු කරන පක්ෂයට විරුද්ධ පක්ෂය.

විරුද්ධ වෙළඳ සුළං

නා.ප්‍ර. සමකය සමීපයෙන් ඉහළ නැංගාවූ වාතය, කෙළින් ම උතුරු දකුණු දිසා කරා නොගොස්, උතුරේ දී නිරිත දෙසිනුත්, දකුණේ දී වයඹ දෙසිනුත් හමන්නට වීමෙන් ඇති වන සුළං ; බටහිර සුළං.

විරුද්ධකාරයා

1. නා. පටහැනි අදහස් දරන්නා ; පටහැනිව ක්‍රියා කරන්නා ; නඩුවකදී එක් පාර්ශ්වයක් අනිත් පාර්ශ්වයට ඇති සම්බන්ධය මෙසේ හැඳින්වේ.
2. හතුරුකම් කරන්නා ; සතුරා.

විරුද්ධතාව

නා. එකඟ නොවන බව ; අනුමත නොකරන බව ; අකමැත්ත.