සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1543

විරුද්ධපාකය

නා. විෂම ලෙස පිත්ත ධාතුව පැසවීම.

විරුද්ධවාදියා

නා. විරුද්ධකම් කරන්නා ; එදිරිවාදිකම් කරන්නා ; ප්‍රතිපක්ෂ අදහස් දරන්නා.

විරුද්ධාර්ථදෝෂය

නා. (අලං.) පූර්වයෙහි කියන ලද්ද හා පසු ව කියන ලද්ද අර්ථයෙන් විරුද්ධව පැවතීමේ කාව්‍ය දෝෂය.

විරුද්ධාර්ථය

1. නා. සම්බන්ධය කැඩීම හෝ විරුද්ධාර්ථ දීම යන කාව්‍ය දෝෂ.
2. විරුද්ධ අර්ථය ; අන්‍යෝන්‍ය අනුකූලතාවෙන් යුක්ත නැති අර්ථය.

විරුද්ධාහාරය

නා. විෂ සහිත ආහාරය.

විරුද්ධෝපමාලඞ්කාරය

නා. (අලං.) උපමාලඞ්කාර ප්‍රභේදයක් ; අන්‍යෝන්‍ය විරුද්ධ උපමාවලින් යුත් අලංකාරය.

විරුදාවලිය

1. නා. ස්තූති වර්ණනා මුඛයෙන් කරන ලද ගීතිකා සමූහය.
2. ගෞරවය දැක්වීම සඳහා ප්‍රදානය කරන ලද විශේෂ නම් හෝ පාඨ සමූහය ; පටබැඳි නාම.

විරුදු

වි. විරුද්ධ ; සතුරු.
1. නා.ප්‍ර. විරුද්ධ වචන.
2. වෛරය.
3. සතුරා.
4. අලංකාර විධියක්.

විරුදු අරුත් දොස්

නා.ප්‍ර. විරුද්ධාර්ථ දෝෂය.

විරුදු අහර

නා. කාලය හෝ වේලාව ආදි හේතු නිසා නොගැළපෙන ආහාර ; අපථ්‍ය ආහාර.

විරුදු උවම්

නා.ප්‍ර. විරුද්ධෝපමා අලංකාරය.

විරුදුකාරයා

1. නා. රාජාදීන්ට ස්ත්‍රෝත්‍ර ගායනා කරන්නා.
2. රබාන වයමින් විරුදු කියා ජීවිකාව කරගන්නා.

විරුපාක්ෂ

නා.ප්‍ර. පැළ දිග බාර චාතුර්මහාරාජික වරම් දෙවියා.

විරුවනවා

ක්‍රි. (කථා.) 1. නිකරුණේ කාලය ගෙවනවා.
2. උණු කරනවා ; ද්‍රව බවට පත් කරනවා ; රත් කරනවා.

විරුසග

නා. වීර ස්වර්ගය ; යුදයෙහි දී මළවුන් උපදිතැයි විශ්වාස කරන දෙව්ලොව.

විරුසිරි

නා.ප්‍ර. වීරශ්‍රීය ; වීරයකු කෙරෙහි ඇති බැබළීම.

විරූඪ

1. නා.ප්‍ර. දකුණු දිග බාර චාතුර්මහාරාජික වරම් දෙවියා ; විරූළ්හක.
2. වැඩීම ; වර්ධනය.

විරූඪධාන්‍ය

නා.ප්‍ර. වැඩුණු අංකුර සහිත ධාන්‍ය.

විරූප

1. වි. අවලක්ෂණ ; කැත.
2. වෙනස්.

විරූප විද්‍යාව

නා. ශාකවල සහ සත්වයින්ගේ අසාමාන්‍ය වැඩීම පිළිබඳ ව හදාරණ විද්‍යාව.

විරූපක්ඛ

1. නා.ප්‍ර. නාලොවට අධිපති රජු.
2. සර්ප කුලවලින් එකක්.

විරූපණය

1. නා. දියුණුවීම ; වැඩීම ; අභිවෘද්ධිය.
2. හැඩය ; රූපය වෙනස් කිරීම.
3. ප්‍රමාණයේ වෙනසක් නොවී හැඩය වෙනස්වීම.

විරූපතාව

1. නා. විරූපබව.
2. විකෘතිය ; විසමතාව.

විරූපී

1. වි. අවලක්ෂණ ; අශෝභන.
2. වැරදිලෙස ; විකෘතව පිහිටි.