සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1544
විරූපීකරණය
නා. විකෘති කිරිම.
විරූහණය
1. නා. පැළවීම ; අංකුර නැඟීම.
2. දියුණුවීම ; වැඩීම.
විරූළ්හය
නා. නැවත නැවත හටගැනීම ; නැවත නැවත ඉපදීම ; පුනරුත්පත්තිය.
විරූළ්හි
නා.ප්‍ර. වැඩීම ; වර්ධනය වීම.
විරේකය
1. නා. අපද්‍රව්‍ය බැහැර කිරීම.
2. අපද්‍රව්‍ය බැහැර කරන ඖෂධය.
විරේකාබාධය
නා. අධික ලෙස විරේචනයවීමේ ආබාධය ; අතීසාරය ; පාචනය.
විරේචකය
1. නා. බඩ ශුද්ධ වීම සඳහා දෙන ඖෂධය ; විරේක බෙහෙත.
2. (ඖෂධ භාවිතයෙන්) මළ පහ කිරීම.
විරෝචන
1. වි. බබළන ; දිලිසෙන.
1. නා.ප්‍ර. බැබළීම ; දිලිසීම.
2. සක් දෙවිඳුන් කුසරජුට පැළඳ වූ අෂ්ටවඞ්ක මාණික්‍යය.
3. සූර්යයා.
විරෝචිත
වි. බැබළුණු.
විරෝධය
1. නා. විරුද්ධතාව ; පටහැනිවීම ; එකගනොවීම.
2. නොගැළපෙන දෙය.
3. නුසුදුසු බව ; වැරදි කාර්යය.
3. සම්ප්‍රදායට නොගැළපීම.
විරෝධි
වි. විරුද්ධ ; ප්රතිපක්ෂ.
විරෝධෝක්තිය
නා. විරුද්ධව ගෙනහැර දක්වන කරුණ ; විරුද්ධ කියමන.
විල
1. නා. ඉබේ හටගත්, ගොඩබිමෙන් වට වූ ජලාශය ; තඩාගය.
2. පඩික්කම.
3. මළ පහ කරන භාජනය ; පිස්පෝච්චිය.
4. දුන්න.
විලංගුව
නා. සිරකරුවන්, උම්මත්තකයින් සහ මෙල්ල කිරීමට අපහසු අලි ඇතුන් ආදී සිව්පාවුන් පාලනය කිරීමට අත් හෝ පා හිරවන සේ දමන උපකරණය ; මාංචුව.
විලක්කුව
නා. වියළි ලීයක පාංකඩ ඔතා තෙල් ගල්වා සාදනු ලබන, විශේෂයෙන් තොවිල් පවිල් සඳහා ගැනෙන කුඩා පන්දමක් ; රාත්‍රි කාලයේදී ගමන් බිමන් යෑම සඳහා උපයෝගී කරගන්නා කුඩා පන්දම් විශේෂය.
විලක්ෂ
1. වි. ඉදුණු ; පැසුණු ; ඵලිත.
2. ඉදී බෙරිවී ගිය.
විලක්ෂණ
වි. විකාර ; විකට ; අවලක්ෂණ ; විසුළු පෙනුමක් ඇති ; රූමත් නොවන.
විලකොඩි
නා.බහු. අව්, වැසි ආදියට ඉහලන කුඩ.
විලඞ්ඝනය
නා. නීතිය, සිරිත් ආදිය ඉක්මවා යාම ; කඩකිරිම ; උල්ලඞ්ඝනය.
විලජ
1. නා.ප්‍ර. වී ඇට බැද ගැනීමෙන් ඒවා පිපිරී ඇති වන ප්‍රතිඵලය ; පොරි.
2. හාල් වෙනුවට වී පොරි තම්බා සාදාගත් කැඳ.
විලනයා
නා. බ්‍රිතාන්‍යයෙහි වැඩවසම් ක්‍රමය යටතේ ඉඩමකට අයිති දාසයා ; ඌලියක්කාරයා.
විලඳවට
නා.ප්‍ර. උණුකළ පැණි හෝ සීනිවල දමා ගුලි කළ පොරි.
විලපනය
නා. විලාප කීම ; විලාප කියමින් හැඩීම.
විලප්පුව
නා. අත් පා ආදියේ කැක්කුම ; හන්දිපත් රුදාව.