සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1563

විසවණිජ්ජා

නා.ප්‍ර. විෂ වෙළඳාම.

විසසල්ලය

නා. විෂ කැවූ උල ; විෂ ශල්‍යය.

විස්කි

නා.ප්‍ර. විශේෂයෙන් බාර්ලි, ආදී ධාන්‍ය වර්ගවලින් පෙරා ගැනෙන මද්‍යපානයක්.

විස්කෝතු

නා.ප්‍ර. විශේෂයෙන් පාන් (තිරිඟු) පිටිවලින් සාදනු ලබන රසකැවිලි වර්ගයක්.

විස්තරණය

නා. පිම්බීම ; මහත් කිරීම.

විස්තරය

නා. පැහැදිලි කිරීම ; වර්ණනාව.

විස්තාර ක්‍රමය

නා. විස්තර වශයෙන් ලැබෙන ආකාරය ; විස්තර විධිය.

විස්තාරය

නා. පළල ; පෘථුල භාවය.

විස්තාරිත

වි. විස්තර කරන ලද.

විස්තීර්ණ

වි. විහිදී ගිය ; පැතිරුණු ; මහත් වූ.

විස්ථාපනය

නා. යම් වස්තුවක් අවස්ථා දෙකක දී තිබුණු ස්ථාන අතර වෙනස.

විස්පන්දනය

නා. පොපියුම තිගැස්සීම ; දෙදරුම ; සෙලවීම.

විස්පර්ශකය

නා. විද්‍යුත් චුම්බක මෙවලම ; විද්‍යුත් චාරක මෙවලම.

විස්ඵාර

නා.ප්‍ර. පැතුරුම ; මහත්බව ; දිගහැරීම.

විස්ඵුලිංග

නා.ප්‍ර. ගිනි පුපුර.

විස්ඵූරණය

නා. පැතිරීම ; චංචල බව.

විස්ඵූරිත

නා.ප්‍ර. බැබළෙන ; ලෙලදෙන.

විස්මය

නා.ප්‍ර. පුදුමය ; ආශ්චර්යය.

විස්මයාකූල

වි. පුදුමයෙන් ගැවසීගත් ; ආශ්චර්ය ස්වභාවය හේතු කොට ගෙන අවුල් වූ.

විස්මරණය

නා. මතක නැති වීම ; අමතක වීම.

විස්මාපන

වි. පුදුම උපදවන.

විස්මිත

වි. පුදුමයට පත් ; විස්මයට පැමිණි.

විස්මෘතිය

නා. සිහිය නැති වීම ; සංඥා රහිත වීම ; ක්ලාන්තය.

විස්වස

නා.ප්‍ර. විශ්වාසය.