සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1564
විස්ස ගන්ධ
නා.ප්‍ර. පිළී ගඳ.
විස්සජ්ජනය
නා. විසඳීම ; නිරාකරණය කිරීම ; තේරුම් කරදීම.
විස්සට්ඨ
වි. මුදා හළ ; හරණ ලද ; ශ්ලේෂ්මාදියෙන් අවහිර නොවූ.
විස්සෝප
නා.ප්‍ර. පසුතැවිල්ල ; කනගාටුව ; සිත්තැවුල.
විස්රාවණය
නා. ගලායෑම ; ශ්‍රාවය වීම.
විසා
වි. පැහැදිලි ; ප්රත්යක්ෂ.
1. නා.ප්‍ර. කාම පරිභෝගය ;, කම්සුව විඳීම.
2. අරමුණ ; විෂය ; ගෝචරය.
3. රට දේශය.
4. නැකතක නම.
විසාතුරයා
[විස + ආතුරයා]
නා. සර්පයකූ දෂ්ට කිරීමෙන් රෝගාතුර වූ තැනැත්තා.
විසාද
නා.ප්‍ර. ශෝකය ; සිත් තැවුල ; කලකිරීම.
විසාදිය
1. නා. වේදනාව ; රුදාව ; කැක්කුම.
2. ශරීරයේ හටගන්නා ගෙඩි විශේෂයක් ; විසප්පු.
විසාර
නා.ප්‍ර. පැතිරීම ; ව්‍යාප්තිය.
විසාරම
නා. විපරම ; සෝදිසිය.
විසි
1. නා.ප්‍ර. වචනය ; කථාව.
2. වචනයට අධිපති සරස්වතී දේවිය.
3. වසඟය ; යටත්බව.
ක්‍රි.වි. අහක ; ඉවත.
විසි විස්තර
නා.ප්‍ර. උජාරුව ; ආඩම්බරය.
විසිකම්
නා.ප්‍ර. වචී කර්මය ; වචනයෙන් කරන දේ.
විසිකිස
නා. සැකය ; සංකාව ; විචිකිච්ඡාව.
විසිත
වි. විසිතුරු.
විසිත්ත කාමරය
නා. විශේෂයෙන් අමුත්තන් පිළිගැනීම සඳහා අලංකාර කරන ලද කාමරය.
විසිතුරු
වි. විචිත්‍ර ; අලංකාර ; නොයෙක් පැහැයෙන් යුක්ත ; සිත් ගන්නා.
විසිදුරු
වි. (නොයෙක් තැන) බොහෝ සිදුරු ඇති.
විසිනවා
1. ක්‍රි. වාසය කරනවා ; ජීවත් වෙනවා.
2. පරීක්ෂා කරනවා ; විමසනවා.
විසින්
නි. කර්තෘ විභක්ති අර්ථය හැඟවීම සඳහා යොදනු ලබන නිපාත පදයකි.
ක්‍රි.වි. වශයෙන් ; හේතු කොට ගෙන.
විසිර යනවා
ක්‍රි. (විශේෂයෙන් කණ්ඩායමක සිට) වෙන් වී විහිදී යනවා.
විසිරනවා
ක්‍රි. පැතිරෙනවා ; විහිදෙනවා ; ව්‍යාප්ත වෙනවා.
විසිරි
නා.ප්‍ර. පවන් පත ; විජිනි පත.