සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1586
වෙරු
නා.ප්‍ර. වෛරය.
වෙරු පස්
නා.ප්‍ර. විවරයක් ඇති තැන ; කැඩීබිඳී ගිය නොහොත් කඩතොලු වූ ස්ථානය.
වෙරෙට්ටු වෙනවා
1. ක්‍රි. මතය සනාථ කිරීමට වේගවත්ව තරයේ කරුණු ඉදිරිපත් කරනවා.
2. වාද කරනවා ; තරහ වෙනවා ; නොමනාප වෙනවා.
3. තරගයට අභියෝග කරනවා.
වෙරෙට්ටුව
(කථා.) නා. 1. අභියෝග කොට තරඟයට ශිල්ප දැක්වීම.
2. සිත නොමනාප වී විරුද්ධව පැවතීම.
වෙරෙප්පුව
නා. (වෛද්‍ය.) මූත්‍ර පහ කිරීමට නොහැකි වීම.
වෙල
1. නා. මඩ ගොවිතැන් කරන භූමිය ; කුඹුර ; කෙත.
2. තණකොළින් පහත් පඳුරින් ගැවැසුණු, විශේෂ වගාවක් නොරඳන, සුළු වශයෙන් ජලාශ්‍රිත තැනිතලා භූමිය.
3. වලාකුළ.
4. අනින ආයුධයක් ; කුන්තායුධය.
5. වැල්ල.
6. ගංතෙර.
7. ඒදණ්ඩ, හෙය.
වෙලවි
වි. වේගවත් ; ඉක්මන් ; කඩිසර.
වෙලළ
නා.ප්‍ර. මුහුදු ගංගා ආදියෙහි ඉවුර ; වෙරළ ; තීරය.
වෙල් එළිය
නා. වෙල්යාය ; වෙල්යායක් සහිත එළිමහන් පෙදෙස.
වෙල්ඩින් කිරීම
නා. ලෝහයක් මෘදු වන තෙක් රත්කර (වෙල්ඩිං කූරුවලින්) පෑස්සීම.
වෙල්බඩ
1. නා.ප්‍ර. වේල්ල.
2. වෙල අසල ප්‍රදේශය.
වෙල්මාලු
නා.ප්‍ර. මිරිදිය මාලු.
වෙල්මැස්ස
නා. ලිප් බොක්කට ඉහළින් සෑදූ මැස්ස ; දුම් මැස්ස.
වෙල්යාය
නා. කුඹුරු පෙළ ; කෙත් සමූහය.
වෙල්ල
1. නා. මිනිරන්.
2. වලඟසාල්.
වෙල්ලංගෙ
(කථා.) නා.ප්‍ර. වෙල්යාය ; ගම මැද පිහිටි කුඹුරු යාය.
වෙල්ලප්පාසාණ
නා.ප්‍ර. සුදු පාසාණම්.
වෙල්ලප්පුව
(කථා.) නා. මාලුන් අසුවීම සඳහා රාත්‍රි කාලය තුළ දැලක් එලා තබන ස්ථානය.
වෙල්ලාල
නා.ප්‍ර. පැරණි ලක්දිව කුලයක නාමය.
වෙල්ලාව
නා. ඇපිල්ලීම සඳහා රෙදි තම්බන හැළිය ; වෙල්ලා හැළිය.
වෙල්ලි මිට
නා.ප්‍ර. තරාදි දණ්ඩ.
වෙල්ලිය
1. නා. රිදී.
2. කුරක්කන් මැනීමට පුරාණයේ භාවිත කළ තරාදිය.
3. වෙල්ලියෙන් මැනගත් එක් කොටස.
වෙල්ලියම්
නා.ප්‍ර. සුදු ඊයම්.
වෙල්වරුපෙත්
නා.ප්‍ර. කුඹුර ; කුඹුරු පෙදෙස.