සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1585
වෙරස
(කථා.) නා.ප්‍ර. කෘතගුණ පූර්වක ස්තූතිය ; තුති පුද දීම.
වෙරසසග
නා.ප්‍ර. වරදක් කළ තැනැත්තාට එකට එක කිරීම් වශයෙන් වරද කිරීම.
වෙරහුලනවා
ක්‍රි. කිසියම් ඖෂධ වර්ගයක් රෝම කූප ආදි මාර්ගයෙන් ශරීරය තුළට වැදීමට හේතුවන පරිදි තදින් ඇඟේ අතුල්ලනවා.
වෙරහෙනවා
(කථා.) ක්‍රි. එකිනෙකා උනුන් සමග කලහයට ඉදිරිපත් වෙනවා.
වෙරළ
1. නා.ප්‍ර. සාගර මුහුදු විල් ආදි විශාල ජල තලාවක් ගොඩබිමට සම්බන්ධවන්නා වූ ඉතා පටු වූත් සාමාන්‍යයෙන් සුදු වැල්ලෙන් වැසී ගියා වූත් බිම් තීරය.
2. පාලන දිස්ත්‍රික්කයක කඩඉම.
වෙරළ උත්ක්‍රමණය
නා. මුහුදු සීමාවේ සිට ගොඩබිම ක්‍රමයෙන් මුහුදු මට්ටමෙන් උස් ව යෑම.
වෙරළ ඔටන්නා
1. නා. ශ්‍රී ලංකාවේ වෙරළබඩ ගැවසෙමින් නිතර පෙඳය වැනීම විශේෂ ලක්ෂණ සේ ගත් කුඩා පක්ෂියෙක්.
2. වියළි කලාපයේ මුහුදුබඩ වගුරුබිම් කරා සංක්‍රමණය වන ප්‍රභේද කීපයකින් යුත් සිලිබිලි වටුවා.
වෙරළ සුළං
නා.ප්‍ර. මුහුදේ සිට ගොඩබිම- එනම් වෙරළ දෙසට හමන සුළඟ.
වෙරළතළ
නා.ප්‍ර. වෛදූර්ය මාණික්‍යයෙන් නිමැවුණ ගල් තලාව.
වෙරළබඩ
වි. වෙරළට යාබදව නොහොත් ආසන්නව පවත්නා වූ.
නා.ප්‍ර. වෙරළට ආසන්න බිම් ප්‍රදේශය.
වෙරළබඩ ඓන්ද්‍රිය නිධිය
නා. වෙරළෙහි බාදිය සීමාවේ සිට මීටර් 200ක සීමාව තෙක් ජලපත්ලේ තැන්පත්ව ඇති ඓන්ද්‍රිය ද්‍රව්‍ය ස්තරය.
වෙරළබඩ නිධිය
නා. වෙරළට නිය ආසන්න මුහුදෙහි රළ බිඳෙන සීමාව ඇතුළත, වෙරළට සමාන්තරව දිවෙන දියවැල්වලින් ගෙන එන ද්‍රව්‍ය තැන්පතුව.
වෙරළබඩ පහන
නා. වෙරළට ආසන්නව ගමන් කරන යාත්‍රාවලට මග දැක්වීම සහ ආරක්ෂාව සඳහා නැව්තොට ආසන්නයේ සවි කෙරෙන පහන.
වෙරළබඩ ශාක
නා.ප්‍ර. මුහුද අසල ඇති අධික ලවණ ගති සහිත පෙදෙස්හි වැවෙන සියලු ම උද්භිද වර්ග.
වෙරළස
1. නා. වෙරළ.
2. වෙරළබඩ.
වෙරළාන්තමය
වි. වෙරළකින් කෙළවර වන්නා වූ ; සමුද්‍ර තීරය ආසන්නයෙහි පිහිටියා වූ.
වෙරළාභිමුඛ මළුව
නා. මුහුද අද්දර ; මුහුදට මුහුණලා සැදුණ සමතලා බිම.
වෙරළාභිමුඛ ලක්ෂණ
නා.ප්‍ර. බාදිය වේලාවෙහි මුහුදු ජලයේ සීමාවේ සිට, රළ පහර සාමාන්‍යයෙන් නොවදින පිටවැල්ල දක්වා ඇති අධික බෑවුම් සහිත පටු බිම්තීරයේ හැඩහුරුව.
වෙරළාසන්න ප්ලාවිතය
නා. වෙරළාසන්න නොගැඹුරු දියේ තරංග සහ දියවැල් නිසා ඔබමොබ ගෙන යනු ලබන ද්‍රව්‍ය සමූහය.
වෙරළු
1. නා.ප්‍ර. වෛදූර්ය හෙවත් වෛරෝඩි නම් මාණික්‍යය.
2. ගස් වර්ගයක නාමය සහ එහි ඵලය ; පලතුරක් සේ භාවිත කරන ඇඹුල් රසැති කුඩා ගෙඩිවර්ගය.
වෙරළොබ පර
නා.ප්‍ර. දියඹ හෙවත් ගැඹුරු මුහුදේ පිහිටි ගල්පර.
වෙර්ටෙබ්රාටා
නා.ප්‍ර. ‘කෝඩාටා’ සත්ත්ව වංශයේ උපවංශයක් ලෙස සලකනු ලබන (මත්ස්‍ය, පක්ෂි, උරග, උරග, උභයජීවි, ක්ෂීරපායින්ගෙන් යුත්) කොඳු ඇට සහිත සත්ත්ව කොට්ඨාසය.
වෙරැත්තා
නා. වෛරයෙන් යුක්ත පුද්ගලයා.
වෙරි
1. වි. මත් ද්‍රව්‍යයක් නිසා ප්‍රකෘති සිහිය බොහෝ දුරට නොහොත් මුළුමනින් වෙනස් වූ.
2. (කථා.) අනුරාගය වැනි බලවත් ආවේගයක් නිසා සිහිය වෙනස් වී උමතු බවට පැමිණි.