සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1584
වෙම
නා. රෙදි වියන හරස් දණ්ඩ ; නඩාව.
වෙය
1. නා. වීථිය.
2. ජවය ; වේගය.
3. වේවැල ; වේත්‍රය.
4. වේදනාව ; ඉන්ද්රිය මගින් ඇතිවන බලවත් හැඟීම ; රිදීම.
වෙයගබඩ
නා.ප්‍ර. වේවැලෙහි අග ඇති මොළොක් කොටස.
වෙය්‍යග්ඝ
නා.ප්‍ර. ව්‍යාඝ්‍රයන්ගෙන් පුර උවදුරු ඇති මග.
වෙය්‍යාකරණ
1. නා.ප්‍ර. පහදා දීම; විවරණ.
2. ව්‍යාකරණ දන්නා තැනැත්තා.
3. බුදු දහමේ දැක්වෙන නවාංග සත්ථු ශාසනයෙන් එකක්.
වෙය්‍යාවත්
නා.ප්‍ර. උපස්ථානය ; සත්කාරය.
වෙයින් කඳ
නා.ප්‍ර. වේදනා ස්කන්ධය.
වෙර
1. නා.ප්‍ර. ශරීරය ; සිරුර; ගත.
2. වෛරය.
3. ප්රයත්නය ; දැඩි උත්සාහය.
4. බර ඇති වස්තුව.
වෙර ඉපිලීම
නා. ශරීරයේ මාංශ පේශි ලිහිල් වන සේ සිරුර පිරිමැදීමෙන් කරනු ලබන ප්‍රතිකාර ක්‍රමය.
වෙර දොස්
නා.ප්‍ර. තුන්දොස් කිපීමෙන් සිරුරෙහි ඇති වන රෝගී භාවය.
වෙර පිට
නා.ප්‍ර. සිරුරේ මතුපිට පෙදෙස.
වෙර පිළිවක්
වි. වෛරයට විරුද්ධ.
වෙර පුෂ්ටිය
නා. ශරීරය පුෂ්ටිමත් වීම.
වෙර පෙරළුම
නා. (වෛද්‍ය.) ශරීරයේ අත්, පා, පිට ආදි ස්ථානවල මස්පිඩු ඇඹරීම.
වෙර බඳිනවා
ක්‍රි. ආඝාත හෙවත් වෛර සිතිවිලි ඇතිකර ගන්නවා.
වෙර ලකුණු ඔබ්බවනවා
ක්‍රි. හංවඩු ගසනවා ; නොමැකෙන පරිදි සිරුරේ ලකුණු කොටනවා.
වෙර වාරුව
(කථා.) නා. කාය ශක්තිය ; නිරෝගී ශාරීරික ශක්තිය.
වෙර වැඩ
නා.ප්‍ර. ශිල්පීය හෝ වෘත්තීය පුහුණුවක් නොමැති ව, ශරීරය වෙහෙසීමෙන් පමණක් කළ හැකි වැඩ කොටස.
වෙරපිට මැඩීම
නා. (වෛද්‍ය) සිරුරේ මාංශ පේශීන් අල්ලා නියමිත ක්‍රමයකට අනුව පිරිමැදීමේ චිකිත්සා විධිය ; ශරීර සම්බාහනය.
වෙරඹුවා
නා.ප්‍ර. වේරම්බ වාතය; පොළොවෙන් යොදුනක් උසින් හමා යතැයි විශ්වාස කරනු ලබන සුළඟ.
වෙරල(ළ) කණ
නා. සමුද්රාන්තය සමඟම පිහිටි ඉවුරු පෙදෙස.
වෙරලෙකනවා
ක්‍රි. වුවමනා දෙය පිරිමසන ලෙස නිතර නිතර බල කරනවා.
වෙරවෑයම
නා. බලවත් ශාරීරික ප්රයත්නය ; අපරිමිත ප්රයත්නය.
වෙරවීරිය
(කථා.) නා. කාය බලය.