සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1600
වෛමානික විද්‍යාව
නා. අහස් යාත්‍රාවල ගමන පිළිබඳ විස්තර ඇතුළත් ශාස්ත්‍රය ; ගගන යාත්‍රා විද්‍යාව.
වෛය ජනයා
නා. ධර්මාවබෝධයට සුදුසු ජනයා ; (ධර්මයෙහි) හික්මවිය හැකි ජනයා.
වෛයක්තිය
නා. වියත්බව ; උගත්කම ; ව්‍යක්තභාවය ; පාණ්ඩිත්‍යය.
වෛයක්ෂ්ය පාරගත
වි. වියත් බවේ පරතෙරට ගිය ; උගත්කමේ කෙළවරට ගිය.
වෛයර්ථ්යය
නා. වැඩක් නොවනබව ; නිෂ්ඵලභාවය ; ව්යර්ථභාවය.
වෛය්යාකරණාචාර්යයා
නා. වියරණ ඇදුරා ; ව්‍යාකරණ ගුරුවරයා.
වෛයාකරණිකයා
නා. වියරණ උගතා ; ව්යාකරණකාරයා ; ශාබ්දිකයා.
වෛර බඳිනවා
ක්‍රි. තරහ ඇති කරගන්නවා ; ක්‍රෝධ කරනවා ; කල් පවතින තරහක් ඇතිකර ගන්නවා.
වෛරක්කාරයා
නා. වෛර කරන තැනැත්තා ; විරුද්ධවාදියා ; එදිරිකාරයා.
වෛරක්රියා
නා.බහු. තරහ ව නිසා කරන්නා වූ කෲර ක්‍රියා.
වෛරම
1. නා. ක්‍රමවත්ව පිහිටා ඇති ඉරි ; පිළිවෙළකට වැටුණු රේඛා මෝස්තරය.
2. දියමන්ති හා සමාන වෛකාන්ත පාෂාණය.
වෛරම් වැටෙනවා
ක්‍රි. (ඇතැම් පාෂාණවල හා දැවවල සේ) ඉරි පිහිටනවා ; රේඛා සටහන් වෙනවා.
වෛරය
නා. පලිගැනීම් ස්වභාවය ඇති ක්‍රෝධය.
වෛරස්යය
නා. මිහිරි නොවන බව ; නීරස බව.
වෛරාග්‍ය
වි. නොඇලුණු ; රාගයෙන් තොර ; තෘෂ්ණා රහිත ; විරාගී.
වෛරූප්ය
වි. විරූප වූ ; අවලස්සන වූ.
වෛරෝචන
වි. බබළන ; කාන්තිය විහිදෙන ; දිලිසෙන ; රැස් විහිදෙන.
වෛරෝඩි
නා.ප්‍ර. බළල් ඇස් වර්ණය සහිත මැණික් විශේෂයක්.
වෛරෝඩි වන්නම
නා. ශෘංගාරාත්මක ලක්ෂණ දරන වන්නමක්.
වෛලක්ෂණ්ය ප්‍රාප්තිය
නා. වෙනස් වෙනස් ආකාර අනුගමනය කිරීම ; විවිධත්වයට පැමිණීම.
වෛලක්ෂණ්යය
නා. වෙනස් වෙනස් ආකාරය ; විෂමත්වය ; වෙනස් ලක්ෂණ ඇතිබව.
වෛවර්ණ
වි. නානා පාට ඇති ; විවිධ වර්ණයෙන් යුත්.
වෛවර්ණ්යය
1. නා. විවිධත්වය ; වෙනස් වෙනස් ආකාරය ; නානාප්රකාරත්වය.
2. විරූපබව ; විවර්ණභාවය ; වර්ණහීනභාවය.
3. කුලයෙන් ඉවත්වීම හෝ ඉවත් කිරීම ; වර්ගයෙන් පිටමං කිරීම හෝ වීම.
වෛවස්වත
1. නා.ප්‍ර. මහා සම්මත රාජයා වූ මනු රජුට විශේෂණ වූ නාමය.
2. ශනි ග්‍රහයා ; සෙනසුරා.