සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1617
ශස්ත්රපාත
1. නා.ප්‍ර. සැතකින් කැපීම.
2. ආයුධ හෙළීම.
ශස්ත්‍රය
නා. කඩුව ; පිහිය ; ආයුධය ; සැත.
ශස්ත්රෝත්තේජනය
නා. ආයුධ මුවහත් කිරීම.
ශ්ලක්ෂණ
වි. සිනිඳු ; සියුම්.
ශ්ලථ
වි.බුරුල් ; ලිහිල්.
නා.ප්‍ර. මෘදුබව ; ලිහිල් ගතිය.
ශ්ලාඝ්ය
වි. පැසසිය යුතු ; ප්‍රශංසා කටයුතු.
ශ්ලේෂකය
(පාරිභා.) නා. කැටි ගැසීම ඇති කරන ද්‍රව්‍යය.
ශ්ලේෂණය
(පාරිභා.) නා. ශල්ෂ්ට වීම ; කැටි ගැසීම.
ශ්ලේෂය
1. නා. වැළඳ ගැනීම ; එකතුවීම.
2. එක් පදයකින් නොහොත් පද සංඛ්‍යාවක අර්ථ බහු සංඛ්‍යාවක් පළ කිරීමේ අර්ථාලංකාර විශේෂය.
ශ්ලේෂ්ම
නා.ප්‍ර. නැහැය වැනි තැන්වලින් ස්රාවය කෙරෙන සෙම.
ශ්ලේෂ්ම පටලය
(පාරිභා.) නා. ශ්ලේෂ්ම ස්රාවය කරන ග්‍රන්ථි සහිත වූ ද, ශරීරයේ ඇතැම් නාලාකාර කුහරවල තිබෙන්නා වූ ද ආස්තරණයක් ; ශ්ලේෂ්මලකය.
ශ්ලේෂ්මල
නා.ප්‍ර. ශ්ලේෂ්ම ; සෙම ; බෙලසුල් ; සීදන් ; සෙවල.
ශ්ලේෂ්මල හාරකය
(පාරිභා.) නා. සෙම කැඩීයාම ඇති කරන දෙය.
ශ්ලෝකය
1. නා. සංස්කෘත භාෂාවෙන් රචිත පද්‍යය.
2. ස්තූතිය ; ප්‍රශංසාව ; ස්ත්රෝත්රය.
3. කීර්තිය ; යසස.
ශ්වසන
(පාරිභා.) වි. ආශ්වාස ප්‍රශ්වාස කිරීම පිළිබඳ.
ශ්වසන ඉන්ද්රිය
(පාරිභා.) නා. හුස්ම ගැනීම හා හෙළීම සිදු කරන ඉන්ද්රිය.
ශ්වසන ලබ්ධිය
(පාරිභා.) නා. අවශෝෂණය කරනු ලබන ඔක්සිජන් ප්‍රමාණය හා මුදා හරිනු ලබන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අතර ඇති අනුපාතය.
ශ්වසනය
නා. හුස්ම ගැනීම හා පිට කිරීම.
ශ්වාසනාලය
(පාරිභා.) නා. ස්වරාලයේ සිට පෙණහල්ල දක්වා හුස්ම ගෙන එන නාලය.
ශ්වාසය
1. නා. රෝගයක නාමය; ඇදුම.
2. හුස්ම ; ආශ්වාස වාතය ; සුසුම.
ශ්වේත
1. නා.ප්‍ර. සුදුපාට ; එළ පැහැය ; ධවල.
2. කවඩි ; මුහුදු බෙල්ලා.
3. රිදී.
ශ්වේත ද්‍රව්‍යය
(පාරිභා.) නා. මධ්‍ය ස්නායු පද්ධතියේ සුදට පෙනෙන කොටස ; ශ්වේත පදාර්ථය.
ශ්වේත මණ්ඩලය
නා. ඇසෙහි සුදු ඉංගිරියාව.
ශ්වේත ලවය
(පාරිභා.) නා. වර්ණයක් රහිත ලවය.