සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1640

ශූනතාව

නා. වතුර උරාගැනීමෙන් ඇති වන පිපීම ; පිම්බීම.

ශූන්‍ය

වි. හිස් ; කිසිවක් නැති ; බොල්.

ශූන්‍ය අසඞ්ඛ්‍යය

නා. මහා කල්පයකින් හතරෙන් කොටස ; බුදුවරයන් පහළ නොවන කාලය.

ශූන්‍යතාව

1. නා. හිස් බව ; බොල් බව.
2. නිර්වාණය.
3. වේදන්ත දර්ශනයේ එන පරම බ්‍රහ්මයා.

ශූන්‍යසංයුජ

නා.ප්‍ර. මූලද්‍රව්‍ය සමඟ සංයෝජන නොවන ආගන්, හීලියම් සහ ඒවාට සම්බන්ධකම් ඇති අනිකුත් වායු වර්ග.

ශූන්‍යාගාරය

නා. පාළු ගෙය ; ජනයාගෙන් තොර ස්ථානය.

ශූන්‍යාන්ත්‍රකය

නා. ග්‍රහණියත් ශේෂාන්ත්‍රකයත් අතර තිබෙන ක්ෂුද්‍රාන්තකය.

ශූර

වි. දක්ෂ ; සමර්ථ.

ශූරතාව

නා. හපන්කම ; දක්ෂතාව.

ශූරයා

1. නා. දක්ෂයා ; සමතා ; හපනා.
2. සිංහයා.
3. වලසා.

ශූර්පය

1. නා. පුරාණ මිනුම් ප්‍රමාණයක් ; කුම්භය.
2. කුල්ල.

ශූරි

නා.ප්‍ර. සමතා ; ශූරයා ; යම් විෂයක් පිළිබඳව විශේෂ දක්ෂතා ඇත්තා.
වි. දක්ෂ ; සමත්.

ශෘංග කණ්ඨිකය

(පාරිභා.) නා. මෝරාගේ පාදිකණ්ඨිකයෙහි පිහිටා ඇති ගව අඟක හැඩය ඇති කාටිලේජ.

ශෘංගාර

වි. අනුරාගී ; රාගය දනවන.
නා.ප්‍ර. අනුරාගය ; රාගනිශ්‍රිත හැඟීම.

ශෘංගාර රසය

නා. නව නාට්‍ය රසවලින් එකක් ; ශෘංගාරය හා ආශ්‍රිත රසය ; වින්දනය.

ශෘගාලයා

1. නා. හිවලා ; සිවලා.
2. ප්‍රයෝගකාරයා.
3. බියසුලු පුද්ගලයා ; බයගුල්ලා.

ශෘඞ්ඛලය

1. නා. හැකිල්ල ; මාංචුව.
2. යකඩ දම්වැල.
3. හවඩිය.

ශෘඞ්ග

1. වි. අං වැනි ප්‍රසර පිළිබඳ වූ.
2. උස් වූ.
3. (පාරිභා.) බොහෝ කොරළ හෝ කෙඳි හෝ සෘජුකෝණික ව තිබීම නිසා රළු වූ.
4. ඉතා තියුණු.
5. සිනිඳු.

ශෘඞ්ගජලක්ලෝමිකය

(පාරිභා.) නා. ජලක්ලෝම චක්‍රයේ අපි ජලක්ලෝමයටත් අධෝ ජලක්ලෝමයටත් අතර ඇති කොටසක්.

ශෘඞ්ගය

1. නා. ගව, මුව ආදි සතුන්ගේ හිසෙහි උල් ව වැඩෙන අවයවය ; අඟ.
2. අඟක් වැනි ප්‍රසරයක්.
3. කොත් කැරැල්ල.
4. කඳු මුදුන.
5. අඟින් සෑදූ නළාව.
6. උතුම්කම.
7. රාගය.
8. විෂ වර්ගයක්.
9. සුෂිර වාද්‍ය භාණ්ඩයක්.

ශෘඞ්ගායමාන

වි. කඳු මුදුන වැනි ; පර්වත ශිඛරය බඳු.

ශෘඞ්ගාර

ශෘංගාර බ.

ශෘඞ්ගාහිකාව

නා. නාසයේ පිහිටි මොලොක් ඇටය.

ශෘත

නා.ප්‍ර. ඖෂධ පානය ; කෂාය වර්ග පහෙන් එකක්.