සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1641
ශේඛ
නා.ප්‍ර. හික්මුණු තැනැත්තා ; ශෛක්ෂයා.
ශේඛර
වි. උතුම් ; උත්තම.
ශේඛර පත්‍රය
නා. මල් පෙත්ත ; පුෂ්ප පත්‍රය.
ශේඛරය
1. නා. මුදුන් මල්කඩ ; අවතංසකය.
2. ඔටුන්න ; කිරුළ.
3. ශිඛාව ; කුඩුම්බිය.
4. මල්දම
5. මල්පෙත්ත.
6. මුරුංගා මුල.
ශේයෝවාදය
(පාරිභා.) නා. සියල්ල සිදුවන්නේ යහපතටය යන මතය ; සර්වශුභවාදය.
ශේවල
නා.ප්‍ර. දිය සෙවෙල ; පෙඳ.
ශේෂ
1. වි. ඉතිරි ; අවශිෂ්ට.
2. මඳ ; සුළු ; අල්ප ; ස්වල්ප.
ශේෂ කන්ද
(පාරිභා.) නා. සෝදාපාළු වී යාමෙන් ඉතිරි වූ කන්ද ; නග්නීකරණය නිසා පහළ වූ කන්ද.
ශේෂ පත්‍රය
(පාරිභා.) නා. සංවිධානයක වත්කම් හා බැරකම් පිළිබඳ සටහන ; ගිණුම්වල ශේෂය හා සම්පිණ්ඩනය දක්වන සටහන.
ශේෂය
1. නා. ඉතිරිය ; අවශිෂ්ටය.
2. ටික ; අල්පය.
ශේෂාන්ත්‍රකය
(පාරිභා.) නා. කුඩා බඩවැලේ අපර කොටස ; ක්ෂුද්‍රාන්තය බෙදා ඇති කොටස් තුනෙන් එකක්.
ශෛක්ෂයා
නා. හික්මීම ඇත්තා ; අර්හත් ඵලයට නොපැමිණී සෝවාන්, සකෘදාගාමී, අනාගාමී වූ පුද්ගලයෙක්.
ශෛත්යය
නා. සීතල ස්වභාවය ; සිසිල් බව.
ශෛථිල්යය
නා. ලිහිල්බව ; බුරුල.
ශෛල
වි. ගල් පිළිබඳ ; ශෛලමය ; කඳුකර.
නා.ප්‍ර. විශාල ගල ; පර්වතය.
ශෛල දුර්ග
නා.ප්‍ර. කඳු, ගල් පර්වත ආදිය නිසා ගමනාගමනය දුෂ්කර පරිසරය.
ශෛල පර්වතය
නා. මුළුමනින් ගලින් වැසුණු කන්ද ; ගල් කන්ද.
ශෛලම
(පාරිභා.) නා. කාෂ්ඨිය පටකය ; ජලය ද්‍රාවණ සංගණනය ද යාන්ත්‍රික සවිය ද සපයන ලිග්නීභූත පටකය.
ශෛලමය
වි. ගලින් තැනූ ; ගලින් කළ ; පාෂාණමය ; ගල්මුවා.
ශෛලමීය
(පාරිභා.) වි. කාෂ්ඨීය පටකමය වූ ; තද ශෛලමය පටකවලින් තැනුනු.
ශෛලාජ
නා.ප්‍ර. ගල් සෙවෙල්.
ශෛලාසනය
නා. ගල් ආසනය.
ශෛලිය
නා. රචනා විලාසය ; අදහස් ප්‍රකාශ කරන ආකාරය ; ගද්‍ය පද්‍ය රචනයේ දී අනුගමනය කරන රීතිය ; ක්‍රමය.
ශෛවාලය
නා. දිය සෙවෙල ; සෙවෙල ; පෙඳ.
ශෝක
වි. චිත්ත සන්තාපයෙන් යුත් ; දුක්මුසු ; කනගාටු.