සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1642

ශෝකය

නා. කනගාටුව ; දුක ; චිත්ත සන්තාපය.

ශෝචනය

නා. චිත්ත සන්තාපය ; ශෝකය.

ශෝචනීය

වි. අතිශය දුඃඛදායක.

ශෝණ

1. නා.ප්‍ර. රත්පාට ; රත්පැහැය.
2. ලේ ; රුධිරය.
3. ගින්න.

ශෝණිතය

1. නා. ලෙය ; රුධිරය.
2. ස්ත්‍රී රජස ; ස්ත්‍රී බීජය ; දරුවකු ඉපදීමට මවගෙන් එකතු විය යුතු ධාතු විශේෂය.

ශෝථය

නා. සිරුරේ ඉදිමුම.

ශෝධකය

1. නා. අඩු කළ යුතු ගණන ; ඍණය.
2. (පාරිභා.) යමක් ඇති-නැති බව පරීක්ෂා කිරීමට භාවිත උපකරණය ; අනාවරකය ; සංවෝදකය.

ශෝධකයා

නා. පිරිසිදු කරන්නා ; සෝදන්නා ; මුද්‍රිත දෙය ශෝධනය කරන්නා.

ශෝධනය

1. නා. අපවිත්‍ර දේ සෝදා ඉවත් කිරීම ; පවිත්‍ර කිරීම.
2. නිවැරදි කිරීම ; සංශෝධනය කිරීම.
3. (පාරිභා.) අඩු කළ යුතු ගණන.

ශෝධනාගාරය

1. නා.බොර තෙල් ආදිය පිරිසිදු කරන ස්ථානය ; පිරිපහදුව.
2. අපරාධකරුවන් යහමගට යොමුකරවන ස්ථානය.

ශෝභන

වි. බබළන ; මනහර ; හොබනා ; මනෝඥ ; අලංකාර ; කඩවසම්.

ශෝභමාන

වි. ශෝභාව ඇති ; සිත්කලු ; බබළන ; හොබනා.

ශෝභාව

නා. බැබළීම ; දීප්තිය ; කාන්තිය ; අලංකාරය ; සෝබාව.

ශෝෂකය

(පාරිභා.) නා. 1. ධාරක ශාකයෙන් පෝෂ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා පරපෝෂී ශාකයකට ඇති අවයවයක්.
2. වියළීම ඇති කරන ද්‍රව්‍යය.

ශෝෂණ කාරකය

(පාරිභා.) නා. ද්‍රව්‍ය වියළීමේ ක්‍රියාවලිය සිදු කරන අවද්‍රාවක හෝ ජලාකර්ෂක ද්‍රව්‍ය.

ශෝෂණය

1. නා. වියළීම ; වේළීම ; උරාගැනීම ; බී ගැනීම.
2. ජලාකර්ෂක ද්‍රව්‍යයක් මගින් ද්‍රව්‍ය වියළීමේ ක්‍රියාවලිය.

ශෝෂය

1. නා. උරාගැනීම ; බී ගැනීම.
2. වියළීම.

ශෞණ්ඩ

වි. ලොල් ; ඇලුණු ; සොඬ.

ශෞරසේනි

නා.ප්‍ර. ශෞරසේන දේශයේ භාෂාව ; ප්‍රාකෘත භාෂාව.

ශෞර්ය

වි. ශූර ; නිර්භීත.

ශෞර්යය

නා. ශූර බව ; දක්ෂ බව.

ෂ

මිශ්‍ර සිංහල හෝඩියේ පනස් වැනි අකුර ; තිස්හත් වැනි ව්‍යඤ්ජනාක්ෂරය.

ෂට්

නා.ප්‍ර. හය ; සය.

ෂට් අභිඥා

නා.බහු. සමථ විදර්ශනා භාවනාවල ප්‍රතිඵල වශයෙන් ලැබෙන විශිෂ්ට ඥාන හය ; ඉද්ධිවිධ, දිබ්බසෝත, චේතෝපරිය, පුබ්බේ නිවාසානුස්සති, චුතූපපාත යන පංච අභිඥාවන් සහ ආසවක්ඛය ඥානය යන සය.