සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1722
සම්මේය
(පාරිභා.) වි. මැණිය හැකි ; ප්‍රමාණ කළ හැකි.
සම්මේලනය
නා.ප්‍ර. එක් රැස්විම ; විවිධ කරුණු සාකච්ඡා කිරීම. තීරණ ගැනීම ආදිය සඳහා උසස් මට්ටමේ නියෝජිත එකතුව.
සම්රාජ්
නා.ප්‍ර. සක්විති රජ ; අධිරාජයා.
සම්වඩම්
නා.ප්‍ර. ඇඳුම් එක්කොට තැනූ පොදිය.
සම්වතා පහණ
නා. පුරාණයේ දී ව්‍යවස්ථා රාජ්‍ය නියෝග ආදිය කොටා තැබූ ශිලා ස්තම්භය ; ව්‍යවස්ථා පහණ.
සම්වන්
නා.ප්‍ර. තද නිල් පැහැය ; කොළපාට.
සම්වැට ගන්නවා
ක්‍රි. රැකවල් ගන්නවා.
සම්‍යක්
වි. යහපත් ; මනා වූ ; නිවැරදි.
සම්‍යක් ප්‍රතිපදා
නා.ප්‍ර. නිවැරදි ප්‍රතිපත්තිය ; ධර්මානුකූල පිළිවෙත.
සම්‍යක් ප්රදානය
නා. යහපත් දීම.
සම්‍යක් ප්‍රයෝග
නා.ප්‍ර. යහපත් පරමාර්ථයකින් යුතුව යොදන උපාය.
සම්‍යක් ප්‍රවෘත්තිය
නා. යහපත් පැවැත්ම.
සම්‍යක් සම්බුද්ධ
නා.ප්‍ර. දත යුතු සියලු ධර්මයන් ගුරුපදේශ රහිතව තමන්ගේ ම නුවණින් මනා ව අවබෝධ කළ උත්තමයා.
සම්‍යක් සම්බෝධිය
නා. බුදුබව ; ලොවුතුරු බුදු බව.
සම්යක්වචනය
නා. යහපත් වචනය ; සම්මා වාචා.
සම්යදෘෂ්ටි
නා.ප්‍ර. නිවැරදි දැකීම ; චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීම.
සමා
1. නා.ප්‍ර. පොළොව ; භූමිය ; පෘථිවිය.
2. ක්ෂමාව ; කමාව.
3. යුවළ.
වි. සමාන ; සදෘශ.
සමාංක
(පාරිභා.) වි. මලක අනෙක් වලයක තිබෙන අවයව සංඛ්‍යාවට සමාන අවයව සංඛ්‍යාවක් තිබෙන.
සමාංක බර
(පාරිභා.) නා.ප්‍ර. සමාන බර ; තුල්‍ය රූපක භාරය.
සමාංක රේණුක
(පාරිභා.) වි. මල්පෙති සංඛ්‍යාවට සමාන රේණු සංඛ්‍යාවක් තිබෙන.
සමාංක ලෙන්සය
(පාරිභා.) නා. තුල්යරූපක ලෙන්සය.
සමාංශ පුච්ඡ
(පාරිභා.) වි. වලිග වරලේ උඩ කොටසත් යටි කොටසත් එක සමාන වූ.
සමාංශක පෙනුම
(පාරිභා.) නා. සමප්‍රමාණ පෙනුම.
සමාකර්ෂණය
නා. සමීපයට ඇද ගැනීම.