සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1723
සමාකලනය
(පාරිභා.) නා. එකතු කිරීම ; ඓක්‍යය සෙවීම.
සමාකාර
(පාරිභා.) වි. 1. සියලු පාද හා කෝණ සමාන වූ ; සමපාද.
2. ගැළපෙන සමරූප.
සමාකාර චතුෂ්ඵලය
(පාරිභා.) නා. පැති හතරකින් යුත් සමරූපී ඝනය.
සමාකාර න්‍යාසය
(පාරිභා.) නා. සමරූප රාශිවල හෝ සංකේතවල හෝ සෘජු කෝණාස්රාකාර පෙළ ගැසීම.
සමාකාර පරාවර්තනය
(පාරිභා.) නා. සමාකාර නැමීම ; ආපසු හෝ අනෙක් අතකට හෝ සමරූපව හැරවීම.
සමාකාරතාව
නා. සමරූපතාව.
සමාකීර්ණ
වි. ගැවසුණු ; ආකූල වූ.
සමාකුලනය
(පාරිභා) නා. (ගණිත.) අවුල් වීම.
සමාකෘතිය
නා. පිහිටි ආකාරය ; වින්‍යාසය.
සමාඛ්යාව
1. නා. නාමය.
2. කීර්තිය.
සමාගත
වි. සම්ප්‍රාප්ත ; සපැමිණි.
සමාගම
1. නා.ප්‍ර. එකතු වීම ; සමූහයකගේ එක්වීම.
2. එක්සත්ව ක්‍රියා කිරීමට බැඳුණු පිරිස.
සමාග්නිය
නා. සත්වයන්ගේ ජඨරයෙහි සමව පවත්නා ගින්න.
සමාඝන කේන්ද්‍රය
(පාරිභා.) නා. දෝලන කේන්ද්‍රය.
සමාඝාතය
(පාරිභා.) නා. ගැටීම ; එකට වැදීම.
සමාචයනය
(පාරිභා.) නා. රැස් කිරීම ; ඉපයීම.
සමාචරණය
නා. හැසිරීම ; නිරන්තර පරිචය.
සමාචාරය
1. නා. යහපත් හැසිරීම ; මනා පැවැත්ම.
2. සමාන ව පිළිගැනීම ; පෙරළා ආචාර කිරීම.
සමාචිත
වි. රැස් කරන ලද ; උපයන ලද.
සමාජ කණමැදිරියා
නා. සමාජයෙන් කොන් වන තැනැත්තා ; හුදකලා තැනැත්තා.
සමාජ කෘමියා
(පාරිභා.) නා. සමූහ වශයෙන් ජීවත් වන කෘමියා.
සමාජ ගිවිසුම
(පාරිභා.) නා. සමාජ සබඳතාවකින් බැඳීම.
සමාජ චර්යාව
(පාරිභා.) නා. සමාජයෙහි හැසිරීම ; සමාජ ආචාරය.
සමාජ චිත්‍රය
(පාරිභා.) නා. සමාජ විදහනය ; සමාජය පිළිබඳ යම් යම් සිද්ධි හෝ අවස්ථා නිරූපණය කරන චිත්‍රය.