සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1724
සමාජ දූරතා පරීක්ෂණය
නා. ඔවුනොවුන් අතර ඇති සමාජ පරතරය මැනීම සඳහා වන පරීක්ෂණය.
සමාජ රෝග
නා.ප්‍ර. කාම රෝග ; ලිංගික රෝග.
සමාජ වයස
නා. පිළිගත් සමාජ මට්ටමට ගැළපෙන වයස.
සමාජ ව්‍යුහය
නා. සමාජය සකස් වී ඇති ක්‍රමය ; සමාජ රටාව.
සමාජ විද්‍යාව
නා. මානව සමාජයේ වර්ධනය හා එහි නීති රීති ගැටලු ආදිය හදාරන විද්‍යාව.
සමාජ සේවය
නා. ජන සමාජයේ යහපත උදෙසා කරන සේවය.
සමාජකාරකය
නා. සමාජය බිහි කරන මූලික ස්ථානය ; පාසල.
සමාජමිතිය
(පාරිභා.) නා. සමාජ මාන ක්‍රමය.
සමාජය
1. නා. ජන සමූහය ; මිනිස් වර්ගය.
2. කණ්ඩායමක හෝ පිරිසක සංවිධානාත්මක එකතුව ; සභාව.
සමාජවාදය
නා. රටේ සම්පත් පොදු වශයෙන් මිස පුද්ගලයන්ට අයිති නොවිය යුතුය යන මතය.
සමාජානුයෝගය
නා. සමාජය හා ගැටීම ; සමාජයෙහි යෙදීම.
සමාදම
නා. මනා කොට ගැනීම ; යහපත් පිහිටුවීම ; අනුමෝදන් කිරීම.
සමාදරය
නා. අතිශය ආදරය ; සමාන වූ ආදර හැඟීම.
සමාදානය
1. නා. මනා කොට ගැනීම ; සකසා පිහිටීම.
2. එකඟකම ; සමාධිය.
3. එකමුතුව ; විරුද්ධවාදිකම් සන්සිඳවීම ; සමගිය.
සමාදි
නා.ප්‍ර. ප්‍රීතිය ; සොම්නස.
සමාදින්න
වි. සමාදන් වූ ; මොනවට ගන්නා ලද.
සමාධානය
නා. මනා ව පිහිටුවීම ; සන්සුන් වීම.
සමාධි ප්‍රතිමාව
නා. බුදුරජාණන් වහන්සේ සමාධියට සම වැදී සිටින ආකාරය නිරූපනය කරන බුදු පිළිමය ; සමාධි බුද්ධ ප්‍රතිමාව.
සමාධි භාවනාව
නා. චිත්තේකාග්‍රතාව වැඩීම අරමුණ සේ ගෙන කරනු ලබන භාවනාව.
සමාධි සම්බොජ්ඣංගය
නා. සම්බෝධිය හෙවත් සෝවාන් ආදි මාර්ගඵල අවබෝධය පිණිස පවත්නා සමාධිය.
සමාධිය
1. නා. චෛතසිකය එක අරමුණක රැඳවීම ; සිතෙහි එකගකම.
2. යෝග ශාස්ත්‍රයෙහි සඳහන් එක් යෝගයක්.
3. කාව්‍ය ශාස්ත්‍රයෙහි සඳහන් දශ ප්‍රාණ වලින් එකක්.
4. සමාව.
5. පූජාර්හ පුද්ගලයෙකුගේ මෘත ශරීරය තැන්පත් කළ ස්ථානයෙහි කළ සිහිවටනය.
සමාන
1. වි. ප්‍රමාණයෙන් නොවෙනස් ; ඒකාකාර.
2. මානය සහිත.
සමාන සංගුණකය
(පාරිභා.) නා. භෞතික ගුණයක් ගණනය කර ගැනීම පිණිස චිචල්‍ය රාශියක් ගුණ කිරීමට භාවිත කරන සමාන සංඛ්‍යාව.
සමානකය
(පාරිභා.) නා. මධ්‍ය ප්‍රමාණය ; සාමාන්‍ය ගණන ; මධ්‍යකය.