සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1815
සිරි
1. නා.ප්‍ර. ශෝභාව ; ලස්සන ; විසිතුර.
2. සම්පත ; සෞභාග්‍යය.
3. සිරිකත ; ලක්ෂ්මී.
4. හැටි ; අන්දම ; විලාසය ; ස්වරූපය.
5. පින ; පුණ්‍යය ; කුසලය.
6. ආයුධය ; කුඩා කටුව.
7. ඡන්දසක නාමය.
8. ගස් වර්ගයක නාමය ; බෙලි.
9. ඉර ; හිරු ; සූර්යයා.
10. හැකිලීම ; හිරි වැටීම ; ස්පර්ශය ; නොදැනීම.
11. හැසිරීම ; සංචාරය.
12. නගුල.
සිරි යහන
නා. රාජාදි උතුමන්ගේ ඇඳ ; ශ්‍රී යහනය ; සිරි සයන.
සිරිංගය
1. නා. රහස් මඟ ; ගූඪ මාර්ගය.
2. සතුන්ගේ අඟ ; ශෘංගය.
සිරිංගි
නා.ප්‍ර. හලාහල විස ; උග්‍ර විස වර්ගයක්.
සිරිංජය
(පාරිභා.) නා. දියර ඉසීම හෝ බේත් විදීම ආදිය සඳහා භාවිත කරන සිලින්ඩරාකාර බටයක් සහිත උපකරණයක්.
සිරිංසප
නා.ප්‍ර. සර්ප ආදි දීර්ඝ සත්ත්වයෝ ; බඩගා යන සත්ත්වයෝ.
සිරිකඩ
(කථා.) නා.ප්‍ර. 1. වැස්ස වහින විට විසි වන සිහින් වැසි බිඳු.
2. සඳුන් ; චන්දන.
3. අල්තාරයට දමන වස්ත්‍රය.
සිරිකත
නා.ප්‍ර. විෂ්ණු දෙවියන්ගේ භාර්යාව ; ශ්‍රී කාන්තාව ; ලක්ෂ්මිය.
සිරිකත්
නා.ප්‍ර. කණේ පලඳින ස්ත්‍රී ආභරණයක්.
සිරිකම
නා. හපන්කම ; දක්ෂතාව ; සාමාර්ථ්‍යය.
සිරික්කි
(කථා.) නා.ප්‍ර. 1. පොඩි එකී ; කුඩා දැරිය.
2. සිනාව.
සිරිකිත
(කථා.) වි. පිළිකුල් උපදවන ; අපිරිසිදු ; හිතේ අප්‍රසන්නතාවක් ඇති කරන.
සිරිගබ
නා. ශ්‍රී ගර්භය ; රජු නිදනා ගෙය ; සිරිහේ.
සිරිගේ
නා.ප්‍ර. ශ්‍රී ගෘහය ; ශ්‍රියාව රඳන ස්ථානය.
සිරිඟර
1. නා.ප්‍ර. නාට්‍ය රස නවයෙන් එකක් වන ශෘංගාරය.
2. ආකාරය ; ලීලාව.
3. අංගරාග ; අඳුන්.
4. කාමාශාව.
5. මධුර රසය.
6. විෂ අඹ.
සිරිඟරමඩු
නා.ප්‍ර. ශෘංගාර මණ්ඩපය ; කාම සම්භෝගය පිණිස ඉදි වූ මණ්ඩපය.
සිරිත
1. නා. චාරිත්‍රය ; පුරුද්ද ; නො කඩවා අනුගමනය කරගෙන යනු ලබන පිළිවෙත.
2. චරිතය ; ජීවිත කථාව.
3. නීති පද්ධතිය ; ව්‍යවස්ථාව.
4. ස්වභාවය ; ආකාරය.
සිරිත් විරිත්
නා.ප්‍ර. සමාජ සම්මත අනුව කළ යුතු සහ නොකළ යුතු දෑ ; රැකිය යුතු සහ වැළකිය යුතු කටයුතු.
සිරිත් විවාහය
නා. කුල සිරිත්වලට අනුව කරනු ලබන විවාහය ; නීත්‍යනුකූල විවාහය.
සිරිදුල
වි. සිරියාවෙන් දිලිසෙන.
සිරිදූ
නා.ප්‍ර. ශ්‍රියා කාන්තාව ; සිරිකත.
වි. සියලු සැපතින් සපිරුණු.
සිරිනම
නා. ශ්‍රී නාමය ; රජු සඳහා ව්‍යවහාරයි.
සිරිපති
නා.ප්‍ර. විෂ්ණු දෙවි ; උවිඳා.
සිරිපතුල
1. නා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි පාදය ; බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් ලකුණ ; ලාංඡනය.
2. උත්තමයන්ගේ යටිපතුල.