සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 229

ආලින්දය

1. නා. පිළ; ඉස්තෝප්පුව.
2. නා. මේරු පර්වතය හාත්පස ඇතැයි කියන උස් තැනිතලා බිම.

ආලිප්ත

වි. ආලේප කරන ලද; තැවරූ.

ආලිබන්ධනය

නා. වැටිය; වේල්ල.

ආලිම්පනය

1. නා. ගිනි ගැන්වීම; ගිනි දැල්වීම.
2. නා. ආලේප කිරීම; ගෑම.

ආලිස්සම්

1. වි. අලස; කම්මැළි.
2. වි. නොසලකා හැරිය යුතු.
3. වි. අවිනිශ්චිත; දෙගිඩියා.
1. නා.ප්‍ර. අලස භාවය; කම්මැළිකම.
2. නා.ප්‍ර. නොසැලකිලිමත් බව.
3. නා.ප්‍ර. සරදම්; සමච්චල්.

ආලීඪය

නා. (දුන්නෙන් විදීම සඳහා) අර ඇඳ සිටීමේ ඉරියව්ව.

ආලීන

වි. ඇලුණු; නිවෙස් කළ.

ආලුව

1. නා. කොතලය.
2. නා. අලය; කන්දය.

ආලුළිත

වි. කැලඹුණු; කැලතුණු; ව්‍යාකූල වූ.

ආලේඛනය

නා. ලිවීම; ඇඳීම; සිතුවම් කිරීම.

ආලේඛය

නා. ලිවීම.

ආලේඛ්‍ය පට්ටය

1. නා. සිතුවම් කිරීමට පාවිච්චි කරන රෙද්ද; අලෙවු පට.
2. නා. සිතියම් කළ රෙද්ද.

ආලේඛ්‍යය

1. නා. ලිවීම.
2. නා. සිතුවම.
3. නා. සිතුවම් ඇඳීම.

ආලේප තෛලය

නා. (ක්‍රිස්ති.) අභිෂේක තෛලය; ශුද්ධ තෛලය.

ආලේපනය

1. නා. ගෑම; තැවරීම; ගැල්වීම.
2. නා. ගාන දෙය; ආලේප කරන දෙය.

ආලෝක කදම්බය

නා. ආලෝක ධාරාව.

ආලෝක කරනවා

ක්‍රි. එළිය කරනවා; දීප්තිමත් කරනවා; රැස් විහිදුවනවා.

ආලෝක කිරණ

නා.බහු. ආලෝක කදම්බ; ආලෝක රශ්මි; ආලෝක ධාරා.

ආලෝක තරංගය

(පාරිභා.) නා. තරංග වශයෙන් ගමන් කරන ආලෝකය (=light wave).

ආලෝක පරාවර්තනය

(පාරිභා.) නා. ආලෝකය කිසියම් වස්තුවකට වැටී ආපසු හැරී ඒම (=reflection of light).

ආලෝක පුඤ්ජය

නා. ආලෝක ධාරා සමූහය.

ආලෝක මණ්ඩලය

1. නා. කමටහන් වැඩීමෙහි උපයෝගී කර ගනු ලබන ආලෝක චිහ්නය.
2. නා. (ඉර, හඳ, තාරකා වැනි) ආලෝකවත් (ආකාශ) වස්තුව.
3. (පාරිභා.) නා. ආලෝකවත් වස්තුවක් වටා ඇති වන රැස් වළල්ල; ප්‍රභා මණ්ඩලය.

ආලෝක රෝධක

(පාරිභා.) වි. ආලෝකය ඇතුළු වීම වළක්වන; ආලෝකය ඇතුළු නොවන (=light-tight).