සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 230
ආලෝක වර්ෂය
(පාරිභා.) නා. දොළොස් මස් කාලයක් තුළ ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණය; සැතපුම් 58,80,000000,000 යනුවෙන් දක්වන දුර ප්‍රමාණය; මෙය ආකාශ වස්තූන්ට ඇති දුර මැනීමේ මිනුම් ඒකකයක් ලෙස භාවිත වේ (=light year).
ආලෝක ශලාකාව
(පාරිභා.) නා. ආලෝක රශ්මි සමූහය (=beam of light).
ආලෝක සන්ධිය
නා. වා කවුළුව; ජනේලය.
ආලෝකචිත්ර
නා.ප්‍ර. එපිඩයස්කෝපයෙන් තිරයක වැටෙන්නට සලස්වනු ලබන චිත්‍රය.
ආලෝකන
1. නා.ප්‍ර. ඉදිරිපස බැලීම.
2. නා.ප්‍ර. බලන ආකාරය.
ආලෝකය
නා. එළිය, දීප්තිය; ප්‍රභාව.
ආලෝක්යය
නා. දැකීම; බැලීම; නිරීක්ෂණය.
ආලෝකිත
1. වි. බලන ලද.
2. වි. බබුළුවන ලද; ආලෝක කරන ලද.
ආලෝචනය
1. නා. දැකීම; බැලීම.
2. නා. පරීක්ෂා කිරීම; සලකා බැලීම; සොයා බැලීම; විමසීම.
ආලෝටනය
නා. කැලඹීම; කැලතීම.
ආලෝපය
1. නා. අහරපිඬ; බත්පිඬ.
2. කොල්ලකෑම; මං පැහැරීම.
ආලෝල
වි. චංචල වන්නා වූ; කම්පිත වන්නා වූ.
නා.ප්‍ර. ඇලළීම; කැලඹීම; කම්පාව.
ආලෝලනය කරනවා
1. ක්‍රි. අලළනවා; කලඹනවා; කලබල කරනවා; කම්පා කරනවා.
2. කලඹා සාරය උකහා ගන්නවා.
3. සියුම් ලෙස පරීක්ෂා කරනවා.
4. නිර්මථනය කරනවා; මඬිනවා; වනසනවා.
ආවට්ට
වි. වටේට කරකැවුණු; ආපසු හැරී ගිය; පෙරළී ගිය.
ආවට්ටනය
1. නා. පොලඹවා ගැනීම; වසඟ කිරීම.
2. නා. කරකැවීම; හැරවීම; පෙරළීම; ආවර්තනය.
ආවට්ටය
නා. දිය සුළිය; සළාව.
ආවඩනවා
1. ක්‍රි. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා; දිගාසිරි පතනවා.
2. ක්‍රි. ලාභ ප්‍රයෝජන තකා කෙනෙකුගේ අදහස අනුමත කරමින් එයට එකඟ වෙනවා.
ආවත්ථික
නා.ප්‍ර. (එක ම පුද්ගලයකුගේ හෝ එක ම සත්ත්වයකුගේ) ඒ ඒ අවස්ථාව සලකා තැබූ නාමය;- කුමාර, යුව, ථෙර ආදි වශයෙනි.
ආවතේවකාරයා
1. නා. උපස්ථායකයා; සේවය කරන්නා; මෙහෙවර කරන්නා.
2. නා. ගෝලයා; යටහත් තැනැත්තා.
ආවතේවය
නා. උපස්ථානය; මෙහෙය; යටහත් සේවය.
ආවරණ කරනවා
1. ක්‍රි. වහනවා; මුවා කරනවා.
2. ක්‍රි. ආරක්ෂා කරනවා.
3. ක්‍රි. වළකනවා; අවහිර කරනවා.
4. ක්‍රි. යම් කාර්යයක් සඳහා තවත් යමක් ඇතුළත් කර ගන්නවා.
5. ක්‍රි. අනාගත තීරණයකට යටත් කරනවා.
ආවරණ කාණු
නා.බහු. පොළොව යට දමන කානු; භූගත කානු,
ආවරණ වගාව
නා. පස සේදීම වැළැක්වීම හා වල් පැළෑටි වැඩීම මැඬීමට කරනු ලබන ද්විතීයික වගාව.
ආවරණ ශක්තිය
නා. කිසිවක සත්‍ය ස්වභාවය මුවා කරන මායා ශක්තිය.