සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 231
ආවරණ සිවිය
(පාරිභා.) නා. ඒකබීජ පත්රිකයින්ගේ බීජාංකුරය ආවරණය වී ඇති කොපුව; බීජාග්‍රපය (=coleoptile).
ආවරණකලා
නා.බහු. ශරීරයෙහි ඒ ඒ කොටස් වැසී තිබෙන පටල (=membrane).
ආවරණය
1. නා. වැසීම; අවහිර කිරීම; වැළැක්වීම; බාධා කිරීම.
2. නා. වැස්ම; තිරය.
3. නා. ආරක්ෂාව; රැකවල.
4. නා. කිසියම් කාර්යයක් ඉටු කිරීම සඳහා නියමිත තැනැත්තා වෙනුවට වෙනත් සුදුස්සකු යෙදවීම.
6. නා. වැට.
7. (පාරිභා.) නා. සිවිය; පොත්ත (=integument ).
8. (පාරිභා.) නා. කෝෂය හෙවත් කොපුව (=case).
ආවරණීය
වි. වැළැක්වීමට සුදුසු වූ; වැළැක්විය යුතු.
ආවරණීයධර්ම
නා.ප්‍ර. සමාධි ලාභයට සත්‍යාවබෝධයට හා පටහැණි වන කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන ධර්ම පහ; පංච නීවරණ ධර්ම.
ආවර්ජනය
නා. මෙනෙහි කිරීම; අරමුණට සිත යොමු කිරීම; ආවර්ජනය; ප්රත්යවේක්ෂණය.
නා. මෙනෙහි කිරීම; සිහි කිරීම; සිතා බැලීම.
ආවර්ත චක්‍රය
(පාරිභා.) නා. මූලද්‍රව්‍යවල ලක්ෂණ අනුව හා ඒවායේ පරමාණුක ක්‍රමාංක වැඩි වී යන පිළිවෙළ අනු ව වර්ග කර දක්වා ඇති මූලද්‍රව්‍ය චක්‍රය.
ආවර්ත දශමය
(පාරිභා.) නා. එක්තරා ලක්ෂ්යයකින් පසු එක ම ඉලක්කම හෝ ඉලක්කම් සීමාවක් නොමැති ව යළි යළිත් පිහිටන දශමය; චක්‍රීය දශමය (=recurring decimal).
ආවර්තන කීලකය
නා. යමක් කරකැවෙන හෝ දෝලනය වන හෝ භ්‍රමණ කේන්ද්‍රය; ඇණය; මැද විවර්තනිය (=pivot).
ආවර්තන නාඩි
නා.බහු. ශරිරයෙහි අපිරිසිදු රුධිරය ආපසු හෘදය වස්තුව කරා ගෙන එන නහර; මූල ශිරා.
ආවර්තනය
1. නා. කරකැවීම; පෙරළීම; පරිභ්‍රමණය.
2. නා. (භක්තියකට හෝ දර්ශනයකට හෝ) හරවා ගැනීම.
3. නා. අර්ථ ව්‍යාඛ්‍යානයේ දී සභාග විසභාග ආදි ලක්ෂණවලට නැවත බැස ගැන්ම.
4. (පාරිභා.) නා. නැවත නැවත ඇතිවීම.
ඉ. (පාරිභා.) නා. යම් යම් උත්තේජකයන්ට ප්‍රතිචාර දැක්වීමට ශාකවලට ඇති හැකියාව; පරිසරයේ උත්තේජකයක් දෙසට නැඹුරු වී වැඩීම (=tropism).
ආවර්තය
1. නා. කරකැවීම; පරිභ්‍රමණය; පෙරළීම.
2. නා. සුළිය; දියසුළිය.
3. නා. පෙරළිය; ආවේශය.
4. නා. ඇහිබැමට ඉහළින් ඇති නිලය හෙවත් මර්මය.
5. නා. ස්ත්‍රියකගේ උදරයේ ඇති රැල්ල.
6. (සංගී.) නා. භාරත සංගීත ශාස්ත්රයේ එන සම්පූර්ණ තාල කාණ්ඩයක නාමය.
7. නා. වෘත්තාකාර මෝස්තරය; පෝරුව.
8. (පාරිභා.) නා. පරමාණුවක ක්‍රමාංකය අනුව වර්ග කරන මූලද්‍රව්‍ය ශ්‍රේණිය (=period).
9. (පාරිභා.) නා. පැතිරීම; පරිවාහය; චලනය (=circulation).
ආවර්තිත
1. වි. පෙරළුණු; නැමුණු; වටේට කරකැවුණු.
2. වි. (ධර්මයකට හෝ භක්තියකට) හැරුණු.
ආවර්තිතා නියමය
(පාරිභා.) නා. මූලද්‍රව්‍ය ඒවායේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ හෝ පරමාණුක ක්‍රමාංක හෝ අනුව පෙළ ගැසූ විට ඒවායේ භෞතික හා රසායනික ගුණ බොහොමයක ක්රමානුකූල වෙනස්වීමක් පෙන්වයි යන නියමය (= periodic law).
ආවර්තිතාව
(පාරිභා.) නා. යමක් සමාකාර අන්තරයක් ඇති ව නැවත නැවතත් සිදු වීම (=periodicity).
ආවශ්‍යක
වි. අතිශයින් වුවමනා කරන; අත්‍යවශ්‍යක.
ආවසථය
1. නා. වාසස්ථානය; ගෙය.
2. නා. ආගන්තුක ශාලාව; විශ්‍රාම ශාලාව; එළිමහන් ලැගුම් ස්ථානය.
ආවස්ථික
වි. අවස්ථාවට සුදුසු; අවස්ථානුකූල.
ආවස්ථික පිරිවැය
(පාරිභා.) නා. (ආර්ථි.) නිෂ්පාදන සාධකයක් හොඳ ම විකල්ප මාර්ගයෙහි යෙදවීමෙන් ලැබිය හැකි මුදල්මය වටිනාකම (=opportunity cost).
ආවහ
වි. වෙතට පමුණුවන; ගෙනදෙන; එළවන.
ආවහනය
නා. ගෙන ඒම; පැමිණවීම.
ආවාටය
නා. වළ.
ආවාතනය
(පාරිභා.) නා. වාතය ඇතුළට හමා ඒම; වාතාගමනය (=perflation).