සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 228
ආරෝහක
1. වි. නඟින; ඉහළට යන.
2. වි. ඇත්, අස් ආදින් පිට යන.
ආරෝහණ
වි. නඟින; ක්රමයෙන් වැඩි වන.
ආරෝහණ කෝණය
(පාරිභා.) නා. නිරීක්ෂකයාගේ සිරස්තලයට උඩින් පිහිටි යම්කිසි ලක්ෂ්යයක සිට වැඩෙන රේඛාවක් තිරස් රේඛාවට හමු වීමෙන් ඇති වන සිරස් කෝණය (=angle of elevation).
ආරෝහණ පටිපාටිය
(පාරිභා.) නා. වටිනාකම හෙවත් බලය ඉතාමත් අඩු රාශියෙන් පටන් ගෙන එය ක්රමයෙන් වැඩි වන රාශි අනුපිළිවෙළින් දැක්වීම (=ascending order).
ආරෝහණය
1. නා. නැඟීම; ඇත්, අස් ආදින්ගේ පිට මතට නැඟීම.
2. නා. ඉණිමඟ, පියගැට පෙළ.
3. (සංගී.) නා. පහත් ස්වරයකින් අරඹා ඉහළ ස්වර කරා යන ගායනය හෝ වාදනය.
4. (පාරිභා.) නා. උන්නතාංශය (=elevation).
ආරෝහය
1. නා. උඩට යෑම; නැඟීම.
2. නා. උඩඟුකම; ආඩම්බරය.
3. නා. උස; දිග.
4. (සංගී.) නා. ආරෝහණය.
ආල බඳිනවා
ක්රි. ආලය කරනවා; ආදරය උපදවනවා; පෙම් බඳිනවා.
ආලකමන්දා
නා.ප්ර. කුවේරයාගේ රාජධානියේ නාමය; අලකාපුරය.
ආලග්න
වි. ඇලුණු; ආසක්ත.
ආලත්ති
1. නා.ප්ර. දේව ප්රතිමා හෝ රාජප්රභූන් හෝ ඉදිරියෙහි ආශීර්වාද හා ගෞරව පිණිස පේ කරනු ලබන දැල්වූ පහන.
2. නා.ප්ර. දැල්වූ පහන් ගෙන දේවාලවල සහ දළදා මාලිගයෙහි කෙරෙන පූජා විධිය.
3. නා.ප්ර. ආවැඩීම; ආශීර්වාදය.
ආලත්ති බානවා
ක්රි. දැල්වූ පහන් පේ කිරීමෙන් ගෞරව කරනවා; ආශීර්වාද කරනවා; ආලත්ති තේවාව පවත්වනවා.
ආලපනය
නා. ඇමතීම; ආමන්ත්රණය.
ආලම්බන දණ්ඩ
නා. නැගිට සිටීම, පා ගමන ආදියට වාරු සඳහා යොදා ගනු ලබන දණ්ඩ; සැරයටිය; හැරමිටිය.
ආලම්බනය
1. නා. එල්බෙන දෙය; ආධාරය; පිටිවහල.
2. නා. එල්ලීම.
3. (අභි.) නා. ආරම්මණය; භාවනාව සඳහා අරමුණ.
ආලම්බය
1. නා. දරා සිටින දෙය; ආධාරකය; පිටුවහල.
2. නා. ලම්බ සූත්රය; ලඹ කැටය.
ආලය
1. නා. ගෘහය; නිවාසය; වාසස්ථානය.
2. නා. ඇල්ම; ආශාව; ආදරය; ප්රේමය.
3. (ජ්යෝති.) නා. කේන්ද්රයක සතර වන ස්ථානය; බන්ධු ස්ථානය.
ආලය විඥානය
නා. සියලු කුශලාකුශල ධර්ම බීජවලට නිවාසස්ථාන වූ විඥානය.
ආලවට්ටම්
නා.ප්ර. දිග මිටක් සහිත වටාපත් විශේෂයක්; අවු අත්ත.
ආලවාලය
නා. ජලය රඳවා ගැනීම පිණිස ගස් වැල් ආදියෙහි මුල වටේ සාදන ජලතලාව; තෝතැන්න.
ආලස
වි. අලස; කම්මැළි.
ආලානය
නා. ඇතුන් බඳින ටැඹ.
ආලාපනය
නා. (අමතා කරන) කථාව; කතාබහ.
ආලාපය
1. නා. කථාව; වචනය; කතාබහ; සම්භාෂණය.
2. නා. පක්ෂීන්ගේ රාවය හෙවත් නාදය.
3. (සංගී.) නා. ගීත ගායනයට අයත් ස්වර සමුදාය ගායනය කිරීම.
4. නා. විලාපය; ළතෝනිය; අඳෝනාව.
ආලි
1. නා.ප්ර. මීමැස්සා.
2. නා.ප්ර. කෙත්වල නියර.
3. නා.ප්ර. පෙළ; සන්තතිය.
ආලිංගනය
නා. වැලඳගැනීම; ස්නේහයෙන් බදා ගැනීම.