සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 303
උත්තේ
වි. ඉහළ යායට අයත්; සරුසාර ම යායට අයත්; ඉතා ම සරුසාර බිමට අයත්.
උත්තේ තරම
නා. ඉහළ යාය; උසස් ම හෙවත් සරුසාර ම යාය.
උත්තේජකය
නා. ශක්තිකාරකය; ප්රාණවත් කරන දෙය; උද්දීපනය; ප්රේරණය.
උත්තේජය
(පාරිභා.) නා. (ශාකයන්ගේ චලනයට තුඩුදෙන ආලෝකය වැනි) බාහිර ප්රේරණකාරකය; උද්දීපකය (=simulus).
උත්තෝලන යන්ත්රය
නා. දොඹකරය.
උත්තෝලනය
1. නා. එසවීම.
2. නා. ධරයක උපයෝගීත්වයෙන් බර ඔසවන හෝ බලය මෙහෙයවන හෝ යමක් විවෘත කරවන දණ්ඩ; යතුරු දුන්න; ලීවරය.
උත්ථාන වීර්යය
නා. උට්ඨාන වීර්යය.
උත්ථානය
1. නා. නැඟීම; නැඟී සිටීම.
2. (ක්රිස්ති.) නා. මළවුන්ගෙන් නැඟී සිටීම.
උත්ථාපකය
නා. නැංවීමට හෝ එසවීමට හෝ උපකාර වන දෙය; ඔසවනය.
උත්ථාපිත
වි. නංවන ලද; පුබුදු කරනු ලැබූ.
උත්ථිත
1. වි. නැඟී සිටි; පැන නැගි; මතු වූ.
2. වි. උපන්; ජනිත; වැඩුණු; සිද්ධ වූ.
උත්පටිපාටිය
නා. පිළිවෙළ ඉක්මවීම හෝ උල්ලංඝනය කිරීම; අපිළිවෙළ; අවිධිමත් බව.
උත්පතනය
නා. පියෑඹීම; උඩ පැනීම; නැඟීම; ආරෝහණය.
උත්පත්ති
නා.ප්ර. ඉපදීම; බිහි වීම; ඇති වීම; හට ගැන්ම; ආරම්භය; ප්රභවය.
උත්පත්ති කථාව
1. නා. උපත හෝ ආරම්භය පිළිබඳ කථා ප්රවෘත්තිය.
2. (ක්රිස්ති.) නා. පරණ තෙස්තමේන්තුවේ මුල් කොටස.
උත්පත්ති මඞ්ගල්යය
නා. උපන්දින උත්සවය; ඉපදීම නිමිති කොට පවත්වන මඞ්ගල්යය; ජන්මෝත්සවය.
උත්පත්තික
වි. උපත ලැබූ; ඉපදුණු.
උත්පත්තික භවය
නා. කර්මයෙන් උපන් නාමරූපාදි නව වැදෑරුම් භවය.
උත්පත්තිච්ඡේදක
වි. ඉපදීම සිඳ දමන හෙවත් නැති කරන.
උත්පත්තීන්ද්රිය
උත්පතිත
වි. නැඟුණු; ඉහළ ගිය; පියෑඹූ.
උත්පථය
නා. වැරදි මාර්ගය; නොමඟ.
උත්පන්න
වි. උපන්; ඉපදුණු; ඇති වුණු; හටගත්.
උත්පරිපාටිය
නා. පිළිවෙළ ඉක්මවීම; නියම පිළිවෙළ උල්ලංඝනය කිරීම.