සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 302
උත්තරාසංගය
1. නා. තනිපට සිවුර.
2. නා. පොරෝනා වස්ත්රය; උඩුකය වැසූ රෙද්ද.
උත්තරි මනුෂ්ය ධර්මය
නා. මිනිසත් බව ඉක්මවා බ්රහ්මත්වයට හෝ නිර්වාණයට හෝ පමුණුවාලීමෙහි පොහොසත් ධර්මය.
උත්තරිභඞ්ගය
නා. කෑමෙන් පසු ගනු ලබන හෝ කැඳත් සමග ගනු ලබන අවුළු.
උත්තරිය
නා.ප්ර. උඩින් පොරෝනා වස්ත්රය; උතුරු සළුව; උත්තරාසංගය.
උත්තරීතර
වි. වඩා උසස්; වඩා ශ්රේෂ්ඨ.
උත්තරුම්මාරය
නා. උළුවස්සේ උඩ පඩිය; උඩ එළිපත.
උත්තරෝත්තර
1. වි. එකකට එකක් වැඩි; වඩ වඩා.
2. වි. එකට එක කීම; පිළිතුරකට දෙන පිළිතුර.
උත්තරෝෂ්ඨය
නා. උඩු තොල.
උත්තල
(පාරිභා.) නා.ප්ර. උඩු අතට නොහොත් පිටතට වක්ර වූ තලය හෙවත් මුහුණත.
වි. උඩු අතට නොහොත් පිටතට වක්ර වූ.
උත්තල කාචය
(පාරිභා.) නා. ආලෝක කදම්බයක අභිසාරිතාව වැඩි කරන හෝ එහි අපසරණය අඩු කරන හෝ කාචය; අභිසරණ කාචය (=convex lens).
උත්තල දර්පණය
(පාරිභා.) නා. උත්තල මුහුණතක් ඇති කැඩපත.
උත්තල බෑවුම
(පාරිභා.) නා. ඉහළ කොටස මඳ වශයෙන් ද පහළ කොටස තියුණුව ද නැග සිටින (කඳු) බෑවුම (=convex slope).
උත්ත්යජනය
(පාරිභා.) නා. (නීති.) රජය විසින් අයිතිවාසිකම් දේපළ හෝ විශේෂයෙන්ම, දේශය අතහැරීම (=cession).
උත්ත්රස්ත
වි. භීතියට පත්; තැතිගත්; තිගැස්සුණු.
උත්ත්රාසය
නා. තැතිගැන්ම; භය; භීතිය.
උත්තාන
1. වි. මුව උඩු අතට වූ; උඩුබැලි; උඩුකුරු.
2. වි. ඍජු.
3. වි. අවතල (=concave).
4. (පාරිභා.) වි. නොගැඹුරු.
5. වි. පැහැදිලි; මනා කොට වැටහෙන; ප්රකට.
උත්තානකය
නා. උඩුබැල්ලෙන් වැතිර සිටීම.
උත්තානි
1. වි. උඩුමුව ඇති; උඩුකුරු.
2. වි. ප්රකට; ලිහිල්.
උත්තාපය
1. නා. බලවත් තාපය හෙවත් උෂ්ණත්වය.
2. නා. බලවත් උනන්දුව හෝ උත්සාහය.
උත්තාරණය
(පාරිභා.) නා. ශක්ති කදම්බයක් එක් තැනකින් අනික් තැනකට යැවීම හෙවත් සංක්රමණය කිරීම (=translation).
උත්තාස
නා.ප්ර. භය; තැතිගැන්ම.
උත්තිට්ඨ
නා.ප්ර. අහුලා ගත් ආහාර; පිණ්ඩපාතයෙන් ලත් මිශ්ර ආහාර; ඉඳුල් අහර.
උත්තීර්ණ
වි. අනික් තීරයට ගිය; එගොඩ වූ; එතෙර වූ.
උත්තුඞ්ග
වි. උඩට නැඟි; උස් වූ; උත්කෘෂ්ට; ශ්රේෂ්ඨ.