සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 376
ඔපවඩි
(පාරිභා.) නා.ප්ර. ඔප දැමීම සඳහා භාවිත වන මිශ්රණය (=polishing compound).
ඔප්පරමේන්තුව
(කථා.) නා. හරයක් නැති කථාව.
ඔප්පලම
(කථා.) නා. ප්රමාණය; තරම.
ඔප්පහු කරනවා
ක්රි. කල් දමනවා; පසුවට තබනවා; පහු කරනවා.
ඔප්පා වෙනවා
ක්රි. වැනි වැනී යනවා.
ඔප්පිච්චිය
1. (කථා.) නා. තමා ම උසස් කොට කථා කිරීම; පුරසාරම.
2. නා. කවටකම; විහිළුව; කොලොප්පම; සරදම.
ඔප්පින්න
(කථා.) නා.ප්ර. අයිතිය දක්වන ලියවිල්ල; ඔප්පුව.
ඔප්පු කරනවා
1. ක්රි. සැබෑවට තහවුරු කරනවා; හේතු සාධක සහිත ව ඒත්තු ගන්වනවා; ස්ථිර කරනවා; ප්රත්යක්ෂ කරනවා.
2. ක්රි. පිළිගන්වනවා; භාර කරනවා; සැලකර සිටිනවා.
3. ක්රි. බාරවීම් ආදි පොරොන්දු ඉටු කරනවා.
ඔප්පු ගන්නවා
ක්රි. පිළිගන්නවා; භාර ගන්නවා; අනුමතිය දෙනවා.
ඔප්පු තිරප්පු
නා.බහු. අයිතිය ඔප්පු කිරීමේ නීතිමය ලියවිලි; ඔප්පු ආදිය.
ඔප්පු දෙනවා
1. ක්රි. (යටහත් ලෙස) පිළිගන්නවා; සැල කරනවා.
2. ක්රි. ඔප්පු කරනවා.
ඔප්පු වෙනවා
ක්රි. තහවුරු වෙනවා; පැහැදිලි වෙනවා; ස්ථිර වෙනවා; ප්රත්යක්ෂ වෙනවා.
ඔප්පුව
1. නා. අත්සන; මුද්රාව; ලාංඡනය.
2. නා. අයිතිය තහවුරු කරන නීතිමය ලියවිල්ල; නීත්යනුකූල හිමිකම දක්වන ලිපිනය; ගිවිසුම් පත්රය; සහතිකය.
3. නා. සාධකය; සාක්ෂිය.
ඔප්පොත්ති කරගන්නවා
ක්රි. පිරිමසා ගන්නවා.
ඔප්පොතින්
(කථා.) ක්රි.වි. මුළුමනින්; සම්පූර්ණයෙන්; සියල්ලෙන්.
ඔපිසර
නා.ප්ර. ගම්මුලාදෑනි තත්ත්වයේ ආණ්ඩුවේ නිලධාරියා.
ඔපෙරා
නා.ප්ර. සංගීතය හා ගායනය යොදාගෙන ඉදිරිපත් කරනු ලබන ගීත නාටක විශේෂයක නාමය.
ඔබ
1. නා. ඔබ්බ; එපිටහ; එහා.
2. නා. එතැන; එම ස්ථානය; ඒ දිහා; සමීපස්ථානය.
1. සර්ව.උන්වහන්සේ; ඔබ වහන්සේ; එතුමා; ඔහු.
2. සර්ව.යුෂ්මතා; නුඹ; තෝ; තමුසේ.
ඔබනවා
1. ක්රි. (ආයාසයෙන්) ඇතුළු කරනවා; රිංගනවා; (ඇතුළට) තද කරනවා; ගිල්වනවා; ඔබ්බනවා.
2. ක්රි. (පය දණ හිස ආදිය) තබනවා; (බිම) අනිනවා; ප්රතිෂ්ඨාපනය කරනවා; සලකුණු කරනවා.
3. ක්රි. යටත් කරනවා; මර්දනය කරනවා; වසඟයට ගන්නවා.
4. ක්රි. ගරහනවා; නින්දා කරනවා; හෙළා දකිනවා.
ඔබඳු
වි. ඔය ආකාර; එවැනි.
ඔබමොබ
ක්රි.වි. එහා මෙහා; ඒ මේ අත; වටපිට.
ඔබල
1. වි. අබල දුබල; දුර්වල; බෙලහීන.
2. වි. තැළුණු; පෙළුණු.
3. වි. තෙහෙට්ටු; විඩාපත්; ශ්රාන්ත.
ඔබලත් වෙනවා
ක්රි. දුබල වෙනවා; දුර්වල වෙනවා; බෙලහීන වෙනවා; රෝගී වෙනවා.
ඔබ්බට
1. ක්රි.වි. එහාට; ඈතට; එළිපිට; බැහැරට; අහකට.
2. ක්රි.වි.අතීතයට; එහා අවදියට.
ඔබාදියෙන්
නි. බැගින්; ගණනේ.