සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 377
ඔබිනවා
ක්‍රි. ගැළපෙනවා; සුදුසු වෙනවා; යෝග්‍ය වෙනවා; උචිත වෙනවා.
ඔමරි
1. නා.ප්‍ර. අඟර දඟර; ඉඟි බිඟි; උකුළු මුකුළු; අනුරාගී පැවතුම්; භාවභාවලීලා.
2. නා.ප්‍ර. අඟර දඟරකාරී; කොමලි; උකුළු මුකුළුකාරී.
වි. අඟර දඟරකාර; කෝමල; මායා සහගත; අනුරාගී.
ඔමරි කරනවා
ක්‍රි. මායම් පානවා; මුකුළු කරනවා; අඟර දඟර කරනවා; කොමල කරනවා.
ඔම්පාව
නා. විහිළුව; ඇනුම්පදය; සරදම; අවඥාව; උපහාසය.
ඔම්බුඩ්ස්මන්
නා.ප්‍ර. රජයේ නිලධාරීන්ට හෝ ආයතනයන්ට හෝ එරෙහිව පුරවැසියන් විසින් කරනු ලබන පැමිණිලි විභාග කිරීමට රජය විසින් පත් කෙරෙන නිලධාරියා; දුක්ගන්නාරාල.
ඔය
නා. පොඩි දිය පාර; කුඩා ගංගාව; හොය.
වි. සමීපයෙහි දැක්විය හැකි; ළඟ පවතින.
ඔයනවා
(කථා.) ක්‍රි. යම් ගෙඩියක ලෙල්ල ගලවනවා; පොල්, දොඩම් ආදියේ ලෙල්ල ඉවත් කිරීම.
ඔයියාරම
(කථා.) නා. ආඩම්බරය; උදාරම්කම; උජාරුව.
ඔයිසිලප්පුව
(කථා.) නා. කලබලය; හදිස්සිය.
ඔර
1. නා.ප්‍ර. කලවය; ඌරුව.
2. නා.ප්‍ර. උකුළ; ඇකය; ඔඩොක්කුව.
3. නා.ප්‍ර. උරය; ළපැත්ත.
වි. ඉදිරිපිට තිබෙන; ඔය.
ඔරජනවා
ක්‍රි. බබළනවා; විරාජමාන වෙනවා.
ඔරලි අත්ත
නා. එල්ලා වැටෙන සේ පලඳින ස්ත්රීන්ගේ ආභරණ විශේෂයක්.
ඔරලුව
නා. කන් පෙත්ත; පිට කන.
ඔරලෝසු පැය
නා. සිංහල පැය දෙකහමාරක කාලය; හෝරාව; විනාඩි හැටේ කාලය.
ඔරවනවා
1. ක්‍රි. බැම හකුළා තරහෙන් බලනවා; රවනවා; කෝපයෙන් බලනවා.
2. ක්‍රි. ඉවත් කරනවා. (ඉතිරි නොවන සේ) බැහැර කරනවා; වැල ආදි ඉදුණු ගෙඩියකින් කොටසක් ගලවා අහකට ගන්නවා; (කොස් මදුලු ආදිය) මතුකොට උගුල්වනවා; උලුප්පා ගන්නවා.
ඔරවසුම්
නා.ප්‍ර. ස්ත්‍රීන් පපුව වැසෙන සේ පැලඳි ආභරණයක් නොහොත් වස්ත්‍රයක්.
ඔරසම්
නා.බහු. රෝමානු කතෝලික භක්ති ගීත; කතෝලික දේවස්තෝත්‍ර.
ඔරහන
නා. වරහන.
ඔරාලුව
නා. රෙද්දක වාටිය.
ඔරුකඩ
නා. ඔරු නවත්වා තබන තොටුපළ; ඔරුතොට; ඔරු, පාරු පැමිණෙන ස්ථානය.
ඔරුකඳ
(කථා.) නා. ඔරුවේ ප්‍රධාන කොටස.
ඔරුට්ටුකාරයා
නා. බොරුකාරයා; රැවටිලිකාරයා; වංචනික ක්‍රියා කරන්නා.
ඔරුතල්ල
නා. ඔරු කඳක උල් ව නැඟෙන දෙකොනෙහි යටි පැත්ත.
ඔරුපන්නය
1. නා. ඔරු දියත් කර ගෙන ගොස් මසුන් මැරීම හෙවත් පන්න කිරීම.
2. (කථා.) නා. ඔරුවට අයත් හබල් පිති, රුවල්, යොත්, දැල් ආදි ආම්පන්න.