සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 451
ක්‍රියාශූර
වි. ක්රියාවේ දක්ෂ; කාර්යක්ෂම.
ක්‍රිස්තියානි
වි. ක්‍රිස්තුස් වහන්සේ ස්වකීය ශාස්තෘවරයා වශයෙන් පිළිගන්නා වූ; ක්‍රිස්තියානි ආගම අදහන.
ක්‍රිස්තු වර්ෂය
නා. ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියේ සිට ආරම්භ වන වර්ෂ ක්‍රමය.
ක්‍රීඩකයා
නා. ක්‍රීඩාවල යෙදෙන්නා; ක්‍රීඩා කරන්නා; ක්‍රීඩා පිළිබඳ විශේෂ දක්ෂතාවක් දක්වන්නා.
ක්‍රීඩනය
නා. සෙල්ලම් කිරීම; ක්‍රීඩා කිරීම.
ක්‍රීඩා දශකය
නා. මනුෂ්‍ය ජීවිතයේ ක්‍රීඩාව ඇලුම් කරන දහ අවුරුද්ද වශයෙන් සැලකෙන වයස අවුරුදු 11 සිට 20 දක්වා කාල සීමාව.
ක්‍රීඩා පර්වතය
නා. උයන්වතු ආදියෙහි ක්‍රීඩා කිරීම සඳහා වෙන් වූ උස් බිම.
ක්‍රීඩාංගණය
නා. ක්‍රීඩා කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන භූමිය; සෙල්ලම් පිටිය.
ක්රීඩාපර
වි. ක්‍රීඩාවෙහි ඇලුණු; සෙල්ලමට සිත ගිය; ක්රීඩාපරවශ.
ක්රීඩාභිලාෂි
වි. ක්‍රීඩා කිරීමට හෝ නැරඹීමට ආශාව දක්වන; ක්‍රීඩා ප්‍රිය කරන්නා වූ; කෙළිලොල්.
ක්‍රීඩාව
නා. විනෝදය සහ ව්‍යායාමය නොහොත් එයින් එකක් අරමුණ සේ ගෙන, එකලා ව නොහොත් කණ්ඩායම් වශයෙන් තරගකාරී ව ද යෙදිය හැකි ශාරීරික කාර්යය; සෙල්ලම; කෙළිය.
ක්‍රීඩාශීලී
වි. ක්‍රීඩාවෙහි ඇලුණු; ක්‍රීඩාවල යෙදෙන; විනෝදශීලී.
ක්රීඩිත
වි. ක්‍රීඩා කරන ලද; සෙල්ලම් කළ.
ක්‍රීත
වි. මිලයට ගන්නා ලද.
ක්‍රීම්
1. නා.ප්‍ර. කිරෙහි යොදය; කිරිවල තෙල් කොටස; කෑම රස කිරීමට යොදන කිරෙන් හෝ මිශ්‍ර ද්‍රව්‍යවලින් සාදාගත් උකු ද්‍රව්‍යය.
2. නා.ප්‍ර. සුවඳ විලවුන් වශයෙන් හෝ ඖෂධ වශයෙන් ගන්නා උකු ද්‍රව්‍ය.
3. නා.ප්‍ර. ඔප දැමීම, හැඩ දැමීම, ආවරණය කිරීම ආදිය සඳහා ගැනෙන ආලේප.
ක්‍රේන්
නා.ප්‍ර. බර ඔසවන යන්ත්‍රය; දොඹකරය; උත්තෝලකය.
ක්‍රේප්
1. නා.ප්‍ර. මතුපිට සියුම් රැලි සහිත රෙදි විශේෂයක්.
2. නා.ප්‍ර. සැරසිලි සඳහා ගනු ලබන රැලි සහිත කඩදාසි විශේෂයක්.
3. නා.ප්‍ර. ඇදෙනසුලු වෙළුම් පටි වර්ගයක්.
4. නා.ප්‍ර. රැලි වැටෙන සේ සාදන ලද රබර් විශේෂයක්; ක්‍රේප් රබර්.
ක්‍රේයොන්
නා.ප්‍ර. චිත්‍ර ඇඳීම සඳහා ගනු ලබන විවිධ මොළොක් වර්ණවලින් යුත් හුණු හෝ ඉටි කූරු.
ක්‍රොමොසෝම්
නා.ප්‍ර. සෛල න්‍යෂ්ටිවල පිහිටි විවිධ හැඩයෙන් යුත් වර්ණදේහ.
ක්‍රෝඩකය
(පාරිභා.) නා. පපු ඇටය; උරතලය; උරෝස්ථිය.
ක්‍රෝධන
වි. ක්‍රෝධ කරන; කිපෙන.
ක්‍රෝධය
නා. කල් පවත්නා තදබල කෝපය; බලවත් තරහ.
ක්‍රෝමියම්
නා.ප්‍ර. ලෝහමය භාණ්ඩ ඔප දැමීමටත් ආරක්ෂාව සඳහා ආලේප කිරීමටත් ගත හැකි රසායනික මූලද්‍රව්‍යයක්.
ක්රෝශය
නා. දුර මැනීමට භාවිත කරන ලද පැරණි මිම්මක්; හඬසන.