සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 450
ක්‍රිමිනල්
වි. අපරාධ පිළිබඳ වූ දණ්ඩ නීතිය අනුව දඬුවම් කරනු ලැබීමට යෝග්‍ය; සාපරාධී.
ක්‍රිමිනල් නීතිය
වි. අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ විධිවිධාන පිළිබඳ නීතිමාලාව; අපරාධ නීතිය; දණ්ඩ නීතිය.
ක්‍රිය
වි. ක්‍රියා කරනසුලු; ක්‍රියාකාරී.
නා.ප්‍ර. රාශිචක්රයේ පළමුවන රාශිය වන මේෂ රාශිය.
ක්රියස්කෝප්
නා.ප්‍ර. කිරිවල පිරිසිදුකම පරීක්ෂා කිරීමට යොදා ගනු ලබන උපකරණය; ක්ෂීරමානය; ලැක්ටොමීටරය.
ක්‍රියා නිෂ්පත්තිය
නා. ක්‍රියාවට සම්පූර්ණ වීම; ක්‍රියා සිද්ධිය.
ක්‍රියා පටිපාටිය
නා. වැඩපිළිවෙළ; ක්‍රියාපිළිවෙළ.
ක්‍රියා පදය
නා. (ව්‍යාක.) කිරීමක් හෝ වීමක් හෝ විඳීමක් හෝ හඟවන කාලත්‍රයෙහි හා පුරුෂත්රයෙහි වරනැගෙන පදය.
ක්‍රියා වචනය
නා. (ව්‍යාක.) ධාතු ප්‍රත්‍යය දෙක එක්වීමෙන් සෑදෙන වචනය.
ක්‍රියා විශේෂණය
නා. (ව්‍යාක.) ක්‍රියාවක් සිදු කරන ආකාර ස්ථාන කාල ආදි වශයෙන් ඒ ක්‍රියාව වෙසෙසා දක්වන පදය.
ක්‍රියා සිද්ධිය
1. නා. කරනු ලබන කටයුත්ත සාර්ථක ලෙස ඉටු වීම; කාර්ය සිද්ධිය.
2. (ව්‍යාක.) නා. ක්රියාවේ සිදුවීම; ක්‍රියාවෙන් පැවසෙන කාර්යය.
ක්රියාක්ෂම
වි. කටයුතු කිරීමෙහි දක්ෂ; ක්‍රියාශූර; කාර්යක්ෂම.
ක්‍රියාකාරක
1. වි. කටයුතු කරන; වැඩ කරන.
2. (ව්‍යාක.) වි. ක්‍රියා සිද්ධියට සම්බන්ධ; ක්‍රියා සම්පාදනයට කාරණ වන.
1. නා.ප්‍ර. ක්‍රියාව කරන්නා; කටයුත්තක් ඉටු කරන තැනැත්තා; කාර්යසාධකයා.
2. නා.ප්‍ර. ක්‍රියා සම්පාදනයට ආධාර වන කර්තෘ, කර්ම ආදි කාරක සය.
ක්‍රියාකාරී
1. වි. වැඩෙහි යෙදෙන; වැඩ කරනසුලු; කාර්යශීලි.
2. වි. ක්‍රියාත්මක; කාර්යානුසාරි.
3. වි. ප්‍රායෝගික; අත්දැකීම් ඇති.
ක්රියාචිත්තය
නා. (අභි.) කුසල් හෝ අකුසල් නොවන ක්‍රියාමාත්‍රය පමණක් වන සිත; පින් කිරීමේ දී රහත් උතුමන්ට ඇති වන සිත.
ක්‍රියාත්මක
වි. ක්‍රියාව ස්වභාව කොට ඇති; ප්‍රායෝගික; ක්‍රියාශීලී.
ක්‍රියාත්මක කරනවා
ක්‍රි. ක්‍රියාවට නංවනවා; ක්‍රියාවට පත්කරනවා.
ක්‍රියාව
1. (ව්‍යාක.) නා. වැඩය; කටයුත්ත; කරන දෙය; කර්තව්‍යය.
2. නා. ලෝකෝත්තර වූ කුශලය; කුශල ධර්මය.
3. (ව්‍යාක.) නා. ක්‍රියා පදය; ආඛ්‍යාතය.
ක්‍රියාවලිය
ක්රියාවාචී
වි. ක්‍රියා අර්ථ පැවසෙන ක්‍රියාවක් කියාපාන.
ක්‍රියාවාදී
වි. කුශලාකුශල කර්මවල ඵල විපාක ඇතැයි විශ්වාස කරන.
ක්‍රියාවිභවය
(පාරිභා.) නා. ප්‍රකෘතියෙන් පිහිටා ඇති අප්‍රකට ක්‍රියා ශක්තිය.
ක්‍රියාවිරහිත
වි. කටයුතු නොකර හරින; අක්‍රිය (=inoperative).
ක්‍රියාශීලී
වි. ක්රියාවේ නිරත වුණු; ක්‍රියාවෙහි ඇලුණු.