සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 48
අතගුළ
අතතය
නා. එක් මුහුණක් ඇති බෙරය; එකැස් බෙරය.
අතථ්‍ය
1. වි. සැබෑ නොවූ; බොරු.
2. (පාරිභා.) වි. කාල්පනික (=virtual).
අතථ්‍ය යථාර්ථය
නා. පරිගණකයක උපකාරයෙන් නිර්මාණය කර ගන්නා කෘත්‍රිම පරිසරය.
අතථාකාර
වි. සත්‍ය ආකාරයෙන් තොර.
අතථාභූත
වි. එසේ නොවූ.
අතදරුවා
නා. ළදරුවා; බිලිඳා.
අතන්ද්ර
වි. අනලස්; නොමැළි.
අතපත්තුව
නා. සිංහල රාජ්‍යයෙහි සේවා මඬුල්ලක්; ආරක්ෂක සේවය භාර පිරිස.
අතපය
නා. අත් හා පාද; හස්ත පාද.
අතපය කඩුත්තුව
නා. අතපයෙහි රුදාව; අතපයෙහි වේදනාව.
අතපිට මුදල
නා. එවේලේ ම ගෙවන මුදල.
අතපුර
1. නා. බිසෝවරුන් වසන ඇතුළු මාලිගාව; අන්තඃපුරය.
2. නා. ඇතුළු නුවර; නගර අභ්‍යන්තරය.
අතබාල
වි. ළපටි; ළාබාල.
අතබැඳි ණය
(කථා.) නා. පෞද්ගලික විශ්වාසය පිට ගත් ණය.
අතබැලීම
(කථා.) නා. අත්ලෙහි රේඛා ලකුණු බලා පලාපල කීම.
අතමාරුව
නා. හදිසි උවමනාවන් සඳහා පොලී රහිත ව ඉක්මනින් ආපසු දීමට පොරොන්දු වී ලබා ගන්නා ණය.
අතමිට
නා. කෙනෙකු සන්තක දෙය; වස්තුව; මිල මුදල්.
අතමේ
1. නා.ප්‍ර. අතින් කරන මෙහෙය; මෙහෙවර; අත් උදවුව.
2. නා.ප්‍ර. සිංහල රාජ්‍ය කාලයේ දී යම් යම් කටයුතු ගම්වැසියන්ට දැනුම් දීමට නියම සිටි තැනැත්තා.
අතඹුල
නා. (අත්ලෙහි තිබූ නෙල්ලි ගෙඩිය යනු වාච්යර්ථයි) ඉතා පැහැදිලි ලෙස යමක් දැකීම; අවබෝධ කිරීම; ඇඟවීම.
අතයට
ක්‍රි.වි. අප්රසිද්ධියේ; හොර රහසේ.
අතයටත
නා. අත් අඩංගුව; වසඟය.
අතරණ
1. නා. සන්නාහය; කවචය.
2. නා. ඇතිරිල්ල; ආස්තරණය.