සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 49
අතරමැදි
වි. දෙකක් හෝ දෙපිරිසක් අතරෙහි වූ; දෙකකට අතර මැද පිහිටි; අන්තඃස්ථ.
අතරමැදියා
නා. දෙදෙනෙකු හෝ කීප දෙනෙකු අතර සිදුවන ගනු දෙනුවක දී හෝ ක්රියාවක දී ඊට සම්බන්ධ වී ක්රියා කරන පුද්ගලයා.
අතරවාරය
නා. අතරතුර වේලාව; යම්කිසි අවස්ථා දෙකක් අතර කාලය.
අතර්ක්ය
වි. සිතිය නොහැකි; අචින්ත්ය.
අතල
වි. ඉතා ගැඹුරු; අගාධ.
නා. අත්ල; හස්තතලය.
අතලස්පර්ශ
වි. පතුල ස්පර්ශ නොකළ හැකි තරම් ගැඹුරු; ඉතා ගැඹුරු; අගාධ.
අතලෙහෙවුව
(කථා.) නා. අත්උදවුව.
අතලොඹුව
1. නා. (ආධාර වශයෙන්) එල්ලීමට හෝ අල්ලා ගැනීමට දෙන අත.
2. නා. ආධාරය; පිහිට; පිළිසරණ.
අතවරය
1. නා. හිරිහැරය; වධය.
2. නා. ස්ත්රී දූෂණය.
3. නා. බලිතොවිල් වල දී කරන ආවතේවය.
4. නා. භාරගත් කටයුත්තක් පිළිබඳ බැඳී සිටීම.
අතවස
නා. වර්ෂා කාලය; වර්ෂා ඍතුවෙහි භික්ෂූන් වස් වසන කාලය.
අතවැසියා
නා. යම් ජ්යෙෂ්ඨයෙකු වෙත වසන සේවකයා; අන්තේවාසිකයා; ශිෂ්යයා.
අතවුරු
1. නා.ප්ර. බිසෝවරුන් වසන ඇතුළු මාලිගය; අවරෝධය; ශුද්ධාන්තය.
2. නා.ප්ර. ඇතුළු මාලිගාවෙහි වසන බිසෝවරුන් සමූහය; අන්තඃපුර ස්ත්රීහු.
3. නා.ප්ර. ඇතුළු නුවර.
අතහ
(කථා.) නා. බැම්ම; කඳු නැග යන තවලම්වල ගවයන් පිට පැටවූ බර පහළට ලිස්සා නොයන සේ ගවයාගේ ඉස්සරහ කකුල්වලට ඉහළින් වූ බැම්ම.
අතහන
නා. අත්සන; සලකුණ.
අතළගල
නා. ගල්තලාව; ගල්පොත්ත.
අතළය
නා. කුඩා කළ විශේෂයක්.
අතළොස්ස
1. නා. බොකු ගැසූ අත්ල.
2. නා. බොකු ගැසූ අත්ලෙහි රඳනා ප්රමාණය; ස්වල්පය; ටික.
අත්
නා.ප්ර. යව හෝ සහල් හෝ බැඳ සුනු කරගත් පිටි; අත්සුනු.
අත් අඩංගුව
නා. අත යටත; වසඟය; සිරභාරය.
අත් අළුව
(කථා.) නා. රෙදි වියන අත් යන්ත්රය.
අත් ඇණය
(කථා.) නා. කුරහන් ගල කරකැවීම පිණිස එහි ඇණයක් මෙන් සවිකර තිබෙන මිට.
අත් උණුසුම
නා. මඳ රස්නය.
අත් කරත්තය
1. (කථා) නා. අතින් තල්ලු කරගෙන යන කුඩා කරත්තය.
2. නා. රික්ෂෝ රථය.
අත් කුළල
නා. නළාවක් සේ පිඹීමට මුව තබා සකස් කරගත් දෙඅත.