සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 513
කේන්රෝල
(පාරිභා.) නා. රෙදි වියන යන්ත්‍රයක නූල් හැදය ඔතන නූල් කඳ (=caneroll).
කේනිපාතය
නා. නොගැඹුරු දියෙහි රුවල් නැව්, ඔරු, පාරු ආදිය පැදවීමට හෝ නැවැත්වීමට හෝ උපකාර වන දිග රිට; අරිත්රය.
කේඳෑරි
(කථා.) වි. සිහින්; කෙට්ටු; කෘශ.
කේඳි
නා.ප්‍ර. නොගැඹුරු කැපුම; යම් සියුම් තුඩකින් හූරා කපා දක්වනු ලබන සිහින් තීරුව; රේඛාව, ඉර.
කේඳි ලනවා
ක්‍රි. මතුපිට පමණක් කැපී යන ලෙස තීරු බේරනවා; විශේෂයෙන් මස්, මාලු වේලීමේදී මෙසේ කරනු ලැබේ.
කේප්පයා
1. නා. දකුණු අප්‍රිකාවේ කේප් කොලනියෙන් ගෙනවුත් බෝකරන ලද වර්ගයේ ගවයා.
2. නා. හැඩිදැඩි ගොන්වස්සා.
කේබලය
1. (පාරිභා.) නා. මූදු පත්ලෙහි එළිපිට හෝ බිම වැළලීමට පෙර සුදුසු පරිදි පරිවෘත කොට සෑදූ සන්නායකය.
2. නා. දුර මැනීම සඳහා භාවිත කරන මිම්මක්.
3. නා. බර භාණ්ඩ එසවීම ආදිය සඳහා ලෝහමය කම්බි සංඛ්‍යාවක් එකට අඹරා සාදාගන්නා ඝන, ශක්තිමත් කඹය (=cable).
කේබල් පණිවුඩය
නා. කේබලයක් මගින් යැවෙන විදුලි පණිවුඩය.
කේබුක
නා.ප්‍ර. ජලය.
කේයූර
නා.ප්‍ර. ඉහළ බාහුවේ පැලඳි වළල්ල, ඉඳි කොළයක ස්වරූපය ඇති ගෙලෙහි පලඳින මාලය; අඞ්ගදාභරණය.
කේර
1. නා.ප්‍ර. පොල්ගස; නාලිකේර.
2. නා.ප්‍ර. මිනිරන්.
කේරමජ්ජ
නා.ප්‍ර. පැළවී ගෙන එන පොල් ගෙඩියේ මදය; පැළපොල් මදය; පැළපී.
කේල්
නා.ප්‍ර. කෙසෙල්.
කේලාම්
නා.ප්‍ර. ඔවුනොවුන් බිඳුවන අදහසින් කියන වචන; යම් තැනැත්තකුගේ චරිතය පහත හෙළීම සඳහා කියන වචන.
කේලි
1. නා.ප්‍ර. කොඩිය; ධජය; පතාකය.
2. නා.ප්‍ර. විහිළුව; විනෝද ක්‍රියාව.
කේලි ගෘහය
නා. රජුගේ පෞද්ගලික ඕවරකය; විනෝදාගාරය; කෙළිමැඳුර.
කේලියම්
(පාරිභා.) නා.ප්‍ර. රසායනික මූල ද්‍රව්‍යයක්; පොටෑසියම්.
කේලුම
නා. කෙස්ගහ.
කේවට්ට
නා.ප්‍ර. කෙවුළා; මසුන් අල්ලන්නා.
කේවල
1. වි. හුදු; තනි; එක්; ඒකීය.
2. වි. අද්විතීය; පරම.
3. වි. සම්පූර්ණ; සියලු; මුළු.
4. වි. ලාමක; සුළුපටු.
නා.ප්‍ර. නිවන; නිර්වාණය.
කේවල අගය
නා. කිසියම් සංඛ්‍යාවක හෝ රාශියක ඇති හුදු වටිනාකම.
කේවල ප්‍රයෝගය
නා. තනි ව යෙදීම; වෙනම භාවිතවීම.
කේවල ශාශ්වත දෘෂ්ටිය
නා. සියල්ල නොවෙනස් ව සදහට ම පවතී යැයි ගන්නා මිසදිටුව; ආත්මයත් ලෝකයත් සදහට ම පවතීය යන විශ්වාසය.
කේවල සංඛ්‍යා
(පාරිභා.) නා.ප්‍ර. කිසිදු ඒකකයක් හා සම්බන්ධ නොවී පවතින 1, 15, 1/2. 35 ආදි හුදු සංඛ්‍යාත අමූර්ත සංඛ්‍යා (=abstract number).