සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 638

චිත්ත විභ්‍රමය

නා. සිත විකාර වීම; උන්මාදය.

චිත්ත විරතිය

නා. සිත ප්‍රාණාතිපාතාදි දශ අකුශලයන්ගෙන් වළකාලීම.

චිත්ත විවේකය

1. (අභි.) නා. කෙලෙසුන්ගෙන් මිදී ලබන සිතේ සැනසීම; චිත්ත සමාධිය.
2. නා. කලක් තිස්සේ කරගෙන ආ ඒකාකාරී කටයුතුවලින් ඉවත් වීමෙන් ලැබෙන මානසික නිදහස.

චිත්ත ශුද්ධිය

නා. සිතේ පිරිසිදුබව; පවින් වැළකී කුසල් කිරීමෙන් හා භාවනාවෙන් පිරිසිදුබව. ලබන සිතේ

චිත්ත සංවරය

නා. සිතෙහි හික්මුණු ස්වභාවය; සිතෙහි සන්සුන්කම.

චිත්ත සන්තතිය

නා. නොසිඳී පවත්නා සිතුවිලි වැළ; චිත්ත පරම්පරාව.

චිත්ත සන්ත්‍රාසය

නා. සිතේ තැති ගැන්ම; සිතේ භය.

චිත්ත සන්තාපය

නා. සිත් තැවුල; ශෝකය.

චිත්ත සමාධානය

නා. සිත එක් අරමුණක සිටීම; සිත සමාධියට යොමුව තැන්පත් වීම.

චිත්ත සමාධිය

නා. (අභි.) සිත එක අරමුණක රඳවා තැබීම; සිතෙහි එකඟබව.

චිත්ත ස්පර්ශය

(පාරිභා.) නා. එක් අයෙකුගේ සිතේ පහළ වන හැඟීම් අනෙක් අයකුගේ සිතට දැනීම (=telepathy).

චිත්ත සුඛය

නා. සිතේ සැපත; සිතින් විඳින සුවය; සොම්නස.

චිත්තක්ඛණය

නා. (අභි.) සිතක් ඉපදී පැවතී යළි නැති වී යෑමට ගත වන ඉතා සුළු කාලය; චිත්තක්ෂණය.

චිත්තක්ෂෝභය

නා. සිත කැලඹීම; සිත නොසන්සුන්වීම; කම්පාවීම. සිත

චිත්තකාර

නා.ප්‍ර. සිතුවම් අඳින්නා; චිත්‍ර ශිල්පියා; සිත්තරා.

චිත්තජ

වි. සිතින් උපන්; සිත නිසා ජනිත වූ; සිතින් හටගත්.

චිත්තදරථ

නා.ප්‍ර. සිතේ තැවීම; සිත් පීඩාව.

චිත්තපස්සද්ධිය

නා. (අභි.) සිත තවන කෙලෙස් සන්සිඳවීම.

චිත්තමල

නා.ප්‍ර. සිතෙහි අපිරිසිදු බව; සිත් සතන්හි කිලුට හෙවත් අපවිත්‍රතාව; කෙලෙස්.

චිත්තය

නා. අරමුණු දැනීම; සිතීම් මාත්‍රය; විඥානය; සිත.

චිත්තවිප්‍රයුක්ත

වි. සිතින් වෙන්වුණා වු; චිත්ත පරිබාහිර වූ.

චිත්තවීථිය

නා. කිසියම් අරමුණක් ගෙන පහළ වන සාමාන්‍යයෙන් චිත්තක්ෂණ 17 කින් යුත් චිත්ත පරම්පරාව.

චිත්තවේග

නා.ප්‍ර. සිතේ ඇතිවන (ක්‍රෝධය, භය, ප්‍රීතිය, ශෝකය වැනි) ආවේගික හැඟීම් (=emotion).

චිත්තසම්ප්‍රයුක්ත

වි. සිත හා යෙදුණු; සිත සමග එක් වුණු.