සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 641
චින්තාපරවශ
වි. කල්පනාවේ නියළුණු; සිතිවිල්ලේ ගැලුණු.
චින්තාමණී
නා.ප්‍ර. දෙවිලොව ඇතැයි සැලකෙන සිතූ පැතූ දේ දෙන මැණික; සිතුමිණ; චින්තා මාණික්‍යය රත්නය.
චින්තාමය ප්‍රඥාව
නා. අනිකකුගේ උපදෙස් නොඅසා තමන් ම සිතා මතා ලබාගන්නා ප්‍රඥාව.
චින්තාව
නා. සිතිවිල්ල; කල්පනාව; චින්තනය.
චින්තාවලිය
චින්තාවිෂයාතික්‍රාන්ත
වි. සිතන්නට හැකි සීමාව ඉක්ම වූ.
චිපිට
වි. පැතලි; මොට වූ.
චිපිටකය
(පාරිභා.) නා. කිනිත්ත මුදුනේ එක මට්ටමට පිපෙන මල් බුරුත්ත; සමතල මල් පොකුර (=corymb).
චිබුකය
නා. නිකට.
චිම්පන්සියා
නා. මිනිස් හැඩරුවට සමීප ලක්ෂණ ඇති අප්‍රිකානු වානර වර්ගයක්.
චිමිනිය
1. නා. ගිනි උදුනක මුදුනින් දුම් ආදිය පිටවීමට සැදූ කවුළුව; දුම්කවුළුව.
2. නා. ලාම්පුවක තිරය ආවරණය කෙරෙන රවුම් දිගටි වීදුරු උපකරණය.
චිර
නා. දිගු කල් පවතින; දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන.
චිර ජීවනය
නා. බොහෝ කලක් ජීවත් වීම; දිර්ඝායුෂ විඳීම.
චිර දන්තාවලිය
නා. දිගුකලක් පවතින දත් පෙළ; ස්ථිර දත් පේළිය.
චිර ප්‍රවෘත්තිය
නා. දිගු කලක් පැවතීම; බොහෝ කල් පැවැත්ම.
චිර භාවිතය
නා. දිගු කලක් තිස්සේ කල ඇසුර නොහොත් ව්‍යවහාරය.
චිරජීවි
වි. බොහෝ කල් ජීවත්වන; දීර්ඝායුෂ ඇති.
නා.ප්‍ර. බොහෝ කල් ජීවත්වන්නා; දීර්ඝායුෂ ඇත්තා.
චිරන්තන
වි. පුරාණ කාලයට අයත්; පෞරාණික.
චිරපරිභාවිත
වි. බොහෝ කාලයක් පුරුදු කරන ලද.
චිරප්රසිද්ධ
වි. කාලයක් පුරා ප්‍රචලිත ව පවතින; කාලයක් මුළුල්ලේ පතළ.
චිරරාත්ර
නා.ප්‍ර. රාත්‍රී බොහෝ ගණනාවක කාල පරිච්ඡේදය; දීර්ඝ කාලය.
චිරරාත්‍රඥ
වි. දීර්ඝ කාලයක් තිස්සේ අත්දැකීම් ලබා ඇති; දීර්ඝ කාලයක් පිළිබඳ ව දන්නා වූ.
චිරශිශුකතාව
(පාරිභා.) නා. සමහර සතුන් වැඩුණු පසු ද ඔවුන් දක්වන බාල අවස්ථාවේ හුරු පුරුදුකම් (=neoteny).
චිරසඤ්චිත
වි. දිගුකලක් තිස්සේ රැස් කරන ලද.