සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 642
චිරස්ථායී
වි. බොහෝ කාලයක් පවතින; දිගු කල් පවත්නා.
චිරස්ථිතික
ක්රි.වි. දිගු කල් පවතින; බොහෝ කාලයක් නොනැසී රැකී සිටින.
චිරස්ථිතිය
නා. බොහෝ කල් පැවැත්ම; දිගු කලක් රැඳී පැවතීම.
චිරාගත
[චිර + ආගත]
වි. දිගුකලක සිට පැමිණියා වූ; කලක් මුළුල්ලේ පැවතුණා වූ.
චිරාත් කාලය
නා. දීර්ඝ කාලය; බොහෝ කාලය.
චිරානුගත
චිරායුෂ්ක
[චිර + ආයුෂ්ක]
වි. බොහෝ ආයු ඇති; දිගුකල් ජීවත් වන; දීර්ඝායුෂ්ක.
චිහ්නය
නා. ලාඤ්ඡනය; සලකුණ.
චිහ්නිත
වි. ලකූණු කරන ලද; අඞ්කිත.
චීත්ත
නා.ප්ර. විවිධ රූප සටහන් චිත්ර ආදිය යොදා වර්ණවත් ව මුද්රිත රෙදි වර්ගයක්.
චීනක්කන්නාඩිය
(කථා.) නා. දුරදක්නා කන්නාඩිය.
චීනච්චට්ටි
(පාරිභා.) නා. කාබන් සහ සිලිකා මිශ්ර ලෝහයක් (=cast iron).
චීනපටස්
නා.ප්ර. බිම ගැසූ විට පටස් හඬින් පුපුරන කුඩා වෙඩි බෝලය.
චීනාංශුකාව
නා. (පාරිභා.) පෘෂ්ඨවංශීන්ගේ මොළය හා සුෂුම්නාව වැසී ඇති පටලයක් (=pia mater).
චීනාඩි
(කථා.) නා.ප්ර. මල්ලවපොර ක්රිඩාවේ දී පොර බදන ක්රමයක්.
චීර
1. නා.ප්ර. කුසතණ වැහැරී ආදියෙන් කළ සිවුර.
2. නා.ප්ර. රෙදි කඩ; වස්ත්රය.
චීවර කර්මය
නා. (විනය.) සිවුරු සැකසීමේ ක්රියා පද්ධතිය.
චීවර පළිබෝධය
නා. (විනය.) කඨිනය පිළිබඳ පළිබෝධ හෙවත් බාධකවලින් එකක්.
චීවර බන්ධනය
නා. සිවුරට පිටින් බඳින පටිය.
චීවර මාසය
නා. (විනය.) භික්ෂූන් වස් එළඹි තුන් මසකට පසු ව එන මාසය; වප් අව පෑලවිය සිට ඉල් පසළොස්වක දක්වා වූ තිස් දවසක කාලය.
චීවරග්රහණ
නා.ප්ර. සිවුරු හැඳ පොරවා ගැනීම.
චීවරපටිග්ගාහක
වි. (විනය.) සිවුරු පිළිගැනීම කරන.
නා.ප්ර. සිවුරු පිළිගන්නා භික්ෂුව.
චීවරපරිෂ්කාර
නා.ප්ර. භික්ෂුවක විසින් පරිහරණය කරනු ලබන අටපිරිකරින් අඳන සිවුර, තනිපට සිවුර, දෙපට සිවුර යන පිරිකර තුන.
චීවරප්රත්යය
නා.ප්ර. භික්ෂූන් වහන්සේට අවශ්ය චතුර්විධ ප්රත්යවලින් හෙවත් සිවුපසයෙන් එකක්; චීවරය; සිවුර.