සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 643
චීවරය
නා. සිවුර; කාෂාය වස්ත්‍රය.
චීස්
නා.ප්‍ර. දී කිරි ප්‍රෝටීන පැසවීමෙන් ලුණු හා සංයෝග කොට පිළියෙල කරන ඝන කිරි ආහාර වර්ගයක්; කේජු.
චුචුකය
නා. තන පුඩුව.
චුචුකාකාර
චුට්ට
නා. ටික; ස්වල්පය.
චුට්ටි
(කථා.) වි. උසමහතින් කුඩා; පුංචි; පොඩි.
චුත
1. වි. එක් ආත්මභාවයකින් මිදුණු; මරණයට පත්.
2. වි. ඉවතට පත්.
චුති චිත්තය
නා. සත්ත්වයකු මිය යන මොහොතෙහි පවත්නා සිත; එක් භවයකින් චුත වන විට ඇති වන අවසාන සිත.
චුතික්ෂණය
නා. මැරෙන මොහොත; ජීවිතයෙන් වෙන් වන මොහොත.
චුතිය
නා. එක් ආත්මභාවයකින් මිදීම; මරණය.
චුතූපපත්තිය
[චුති + උපපත්තිය]
නා. මරණය සහ උත්පත්තිය.
චුතූපපාත ඤාණය
නා. සත්ත්වයන්ගේ චුතිය හා උත්පත්තිය දක්නා නුවණ.
චුද්දස
නා.ප්‍ර. දහ හතර; තුදුස.
චුදිත
වි. චෝදනා ලත්; දෝෂාරෝපිත.
චුදිතයා
නා. චෝදනා ලත් තැනැත්තා; විත්තිකරුවා.
චුම්බක
1. වි. සිඹින; චුම්බනය කරන.
2. වි. කාන්දම් බලය ඇති; අයස්කාන්ත ගුණය ඇති; ආකර්ෂකය.
චුම්බක අක්ෂය
(පාරිභා.) නා. චුම්බකයක ධ්‍රැවවල ක්‍රියාත්මක කේන්ද්‍ර එල්ලේ තිබෙන රේඛාව (=magnetic axis).
චුම්බක උතුර
(පාරිභා.) නා. මාලිමා යන්ත්‍රයේ කාන්දම් කටුව දක්වන උතුර; කාන්දම් උතුර (=magnetic north).
චුම්බක කටුව
නා. කාන්දම් කටුව.
චුම්බක ක්ෂේත්රය
(පාරිභා.) නා. ස්ථිර චුම්බකයක් හෝ විද්‍යුත් ධාරාවක් ගෙන යන සන්නායකයක් හෝ අසල චුම්බක බලය ඇතැයි දැනෙන ප්‍රදේශය (=magnetic field).
චුම්බක ධ්රැව
(පාරිභා.) නා.බහු. චුම්බකයක චුම්බකත්වය රැස්වී ඇති දෙකෙළවර කාන්දම් ධ්රැව.
චුම්බක නිරක්ෂය
(පාරිභා.) නා. පෘථිවිය වටා චුම්බක අවපාතය ශුන්‍ය ව චුම්බක සූචිය තිරස් ව පවත්නා තැන් සම්බන්ධ කරන කල්පිත රේඛාව; චුම්බක සමකය (=magnetic equator).
චුම්බක නිවාරකය
(පාරිභා.) නා. චුම්බක ක්ෂේත්රවල බලපෑම වැළැක්වීමට ඇතැම් විදුලි උපකරණ වටා යොදන මෘදු යකඩ ආවරණය (=magnetic screen).
චුම්බක පාෂාණය
නා. යකඩ ආකර්ෂණය කරන ගල් වර්ගය; කාන්දම් ගල; ලෝහ කාන්තය.