සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 72
අධි මානය
නා. ඉතා උඩඟු බව; තද මානය; අධික මානය.
අධි මාසය
නා. අධික වූ මාසය; සූර්ය මාසයක් තුළ ලබන චන්ද්ර මාස දෙකෙන් ප්රථම මාසය; යම් වර්ෂයකට අයත් සූර්ය මාස දොළොස තුළ චන්ද්ර මාස තෙළෙසක් ඇති වීමෙන් වැඩි වන මාසය.
අධික
1. වි. වැඩි; බහුල; අතිශය.
2. වි. වඩා උසස්; ශ්රේෂ්ඨතර; උත්තරීතර.
අධික අවුරුද්ද
නා. දිනයක් වැඩිවීමෙන් දින 366 කින් යුක්ත වන අවුරුද්ද; සතර වර්ෂයකට වරක් පෙබරවාරි මාසය දින 29 කින් යුක්ත වන සේ ගැනෙන අවුරුද්ද; අධික වර්ෂය.
අධික කෝණය
(පාරිභා.) නා. ඍජු කෝණයකට වඩා මහත් වූ සරල කෝණයකට වඩා කුඩා වූ කෝණය (=obtuse angle).
අධික පීඩන තීරය
(පාරිභා.) නා. පෘථිවියෙහි වැඩි වායු පීඩන ඇති තීරුව (=high pressure belt).
අධික පීඩනය
(පාරිභා.) නා. වැඩි පීඩනය; වැඩි වායු පීඩනය (=high pressure).
අධික රුධිර පීඩනය
(පාරිභා.) නා. ධමනීන් තුළ ලේ අධික වශයෙන් පීඩනය වීම; රුධිර පීඩනය සාමාන්ය ප්රමාණයට වඩා වැඩිවීම (=hypertension).
අධිකතම පදය
(පාරිභා.) නා. ඉතා ම වැඩි පදය; ගණිත ප්රකාශනයක ඇති පද අතර අගයෙන් ඉතා ම වැඩි පදය (=greatest term).
අධිකතම සංගුණකය
(පාරිභා.) නා. ඉතාම වැඩි සංගුණකය (=greatest coefficient).
අධිකරණ බලපත්රය
නා. පුද්ගලයකු හිරභාරයට ගැනීමේ බලපත්රය; වරෙන්තුව.
අධිකරණ විනිශ්චය
නා. නඩු විසඳීම; යුක්තිය විචාරීම; නඩු විනිශ්චය කිරීම.
අධිකරණ ශාලාව
නා. නඩු විසඳන තැන; උසාවිය; විනිශ්චය ශාලාව.
අධිකරණ සමථ
නා.බහු. (විනය.) භික්ෂූන් අතර ඇති වන අධිකරණ සන්සිඳුවීම සඳහා පනවන ලද ව්යවස්ථා.
අධිකරණ සිද්ධාන්ත
නා.ප්ර. (න්යාය.) මූලික සිද්ධාන්ත; පිළිගත් මතය.
අධිකරණය
1. නා. යුක්ති විචාරය; නඩු විසඳීම; විනිශ්චය.
2. නා. විනිශ්චය ශාලාව; යුක්තිය විසඳන තැන; උසාවිය.
3. නා. විවාදය; ආරවුල; නඩුව.
4. (විනය.) නා. භික්ෂූන් අතර විවාදයට කාරණය; භේදකර වස්තුව.
5. නා. ආධාරය; ආශය.
6. (ව්යාක.) නා. ක්රියා සිද්ධියට ආධාර වන ස්ථානය; ආධාර කාරකය.
අධිකරණාධිපතියා
නා. විනිශ්චයකරුවන්ගේ නායකයා; අධිකරණ නායකයා; අග්රවිනිශ්චයකාරයා.
අධිකරණීය
නා. යකඩ තැලීමේ දී භාවිත කරනු ලබන උපකරණය; කිණිහිරය.
අධික්ෂණය
නා. උසස් මොහොත; ශ්රේෂ්ඨ අවස්ථාව.
අධික්ෂිප්ත
1. වි. යමක් මතුයෙහි හෙළන ලද; තබන ලද.
2. වි. අවමන් කරන ලද; නින්දා කරන ලද.
අධික්ෂේපය
1. නා. බැහැර කිරීම; ප්රතික්ෂේපය.
2. නා. අවමානය; නින්දාව.
අධික්රමය
1. නා. නැඟීම; ප්රභූත්වය; ආධිපත්යය.
2. නා. බලෙන් පැමිණීම; රටකට බලහත්කාරයෙන් ඇතුළු වීම; ආක්රමණය.
අධික්රියාව
නා. සීමාව ඉක්මවා සිටි ක්රියාව; අයථා ක්රියාව.