සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 71
අධ්‍යාත්ම
වි. තමා පිළිබඳ.
1. නා.ප්‍ර. තමාගේ සිත; තම සන්තානය.
2. නා.ප්‍ර. ජීවාත්මය වශයෙන් පවත්නා පරමාත්මය.
අධ්‍යාත්ම ලෝකය
නා. පසිඳුරන්ටත් තර්කයටත් ගෝචර නොවන අද්‍රව්‍ය වූ ලෝකය; අධ්‍යාත්මය පිළිබඳ ලෝකය.
අධ්‍යාත්ම වාදය
1. නා. අධ්‍යාත්මය හෙවත් ජීවාත්මය විග්රහ කිරීම පිළිබඳ මතය.
2. නා. සිත පිළිබඳ දර්ශනාත්මක මතය.
අධ්‍යාපන ආයතනය
නා. ඉගැන්වීම කරන ආයතනය; විද්‍යා ආයතනය.
අධ්‍යාපන විද්‍යාව
නා. ඉගැන්වීම පිළිබඳ ශාස්ත්‍රය; අධ්‍යාපන කටයුතු පිළිබඳ විද්‍යාව.
අධ්‍යාපනය
නා. විද්‍යා ශාස්ත්‍ර ඉගැන්වීම; විද්‍යා ශාස්ත්‍ර පුහුණු කරවීම; හැදෑරවීම.
අධ්යාපිත
වි. උගන්වන ලද; හදාරන ලද.
අධ්‍යාය
නා.ප්‍ර. ග්‍රන්ථයක පරිච්ඡේදය; එහි අධිකාරය.
අධ්යායාසය
[අධි + ආයාසය]
නා. අධික වෙහෙසීම; බොහෝ ලෙස විඩාවට පත් වීම; අතිශය ආයාසය.
අධ්යායී
නා.ප්‍ර. ධ්‍යාන නොවඩන්නා; දැහැනට නොසමවදින තැනැත්තා.
අධ්‍යාරෝපණය
නා. උඩට නැංවීම; ආරෝපණය කිරීම; ආරූඪ කිරීම.
අධ්‍යාශය
නා.ප්‍ර. අදහස; මතය; හැඟීම.
අධ්‍යාහාරය
1. නා. (ව්‍යාක.) අමුතුවෙන් ගැනීම; වැකියක කිවයුතු නමුත් නොකියන ලද පදයක් නිසි තැන යොදා සම්පූර්ණ කර ගැනීම.
2. නා. අනුමිති වශයෙන් වටහා ගැනීම.
අධ්‍යාහෘත
1. වි. (ව්‍යාක.) අධ්‍යාහාර කරන ලද.
2. වි. අනුමිති වශයෙන් වටහා ගත්.
අධ්යුපේක්ෂණය
[අධි + උපේක්ෂණය]
නා. මධ්‍යස්ථ වීම; උපේක්ෂා සහගත බව.
අධ්යේතෘ
නා.ප්‍ර. හදාරන්නා; ඉගෙන ගන්නා; ශිෂ්‍යයා.
අධ්යේය
නා.ප්‍ර. හැදෑරිය යුතු; උගත යුතු දෙය.
අධ්යේෂක
1. නා.ප්‍ර. ඉල්ලීමක් කරන්නා; යමක් තමාට දෙන ලෙස යදින තැනැත්තා.
2. නා.ප්‍ර. යමකු ක්‍රියාවට මෙහෙයවන තැනැත්තා.
අධ්යේෂණය
නා. ඉල්ලීම; ආයාචනය; නියෝජනය; මෙහෙයවීම.
අධ්යෝසානය
නා. යමකට බැස දැඩි ව අල්ලා ගැනීම; බලවත් ඇල්ම.
අධ්‍රැව
වි. තිර නැති; අස්ථිර; අනිත්‍ය.
අධාතුක
වි. (ව්‍යාක.) ආඛ්‍යාත මූලයක් හෙවත් ධාතුවක් නැති.
අධාතුජ
වි. (ව්‍යාක.) ධාතුවකින් නූපන්.
අධාර්මික
වි. දැහැමි නොවූ; දහමට අනුව නොගිය.