සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 73
අධිකාර ප්රදේශය
නා. නිලධාරියෙකුගේ පාලනයට යටත් ප්රදේශය; වැයික්කිය.
අධිකාර සහතික පත්රය
නා. බලපත්රය; උපාධියක් පත්රය; පිරිනැමීමේ ලේඛනය.
අධිකාරණය
නා. ප්රධාන කාරණය; පරම හේතුව.
අධිකාරය
1. නා. පාලන බලය; පාලනය; ආධිපත්යය.
2. නා. නිලය; රාජ කාර්යය; සේවය.
3. නා. විධාන කිරීමට හෝ ක්රියා කිරීමට ඇති අයිතිවාසිකම.
4. නා. පරිච්ඡේදය; අධ්යාය.
5. නා. බුදුන් වහන්සේ කෙරෙහි තම ජීවිතය පරිත්යාග කිරීමේ සංඛ්යාත විශිෂ්ට ක්රියාව
6. නා. ප්රාර්ථනාව.
7. නා. පූජා සත්කාරය.
අධිකාර්ථ
වි. බොහෝ අර්ථ ඇති; අතිශයාර්ථය පැවසෙන.
1. නා.ප්ර. සීමාව ඉක්මවා සිටි අර්ථය; අතිශයාර්ථය.
2. (අලං.) නා.ප්ර. (ප්ර. යෙදේ.) අධික අර්ථ ඇති විශේෂ්ය පද යෙදීමේ කාව්ය දෝෂය.
අධිකාර්ථ වචනය
නා. (ව්යාක.) ස්තුති හෝ නින්දා කිරීම පිණිස ආරෝපණය කරන ලද අතිශයාර්ථ කියමන.
අධිකාරී
වි. නීත්යනුකූල බලය දරන; ස්වාමීත්වය ඇති; ප්රධාන.
1. නා.ප්ර. අධිපතියා; ප්රධානයා; ස්වාමියා.
2. නා.ප්ර. සිංහල රජ සමයෙහි සිටි උසස් නිලධරයෙක් හැඳින්වූ නාමය.
අධිකාරී මණ්ඩලය
නා. පාලක සභාව; විධායක සභාව.
අධිකෘත
වි. ප්රධාන ස්ථානයෙහි තබන ලද.
අධිකෝපමාව
[අධික + උපමාව]
නා. (අලං.) හීන වූ වස්තුවකට ශ්රේෂ්ඨ වස්තුවක් උපමා වශයෙන් දැක්වීම.
අධිගත
1. වි. පැමිණි; එළඹුණ.
2. වි. අවබෝධ කළ; මාර්ග ඵලයට පැමිණි.
අධිගතයා
නා. මාර්ගඵලයට පැමිණි පුද්ගලයා; අධිගමය ලැබූ පුද්ගලයා.
අධිගන්තව්ය
වි. පැමිණිය යුතු; අවබෝධ කළ යුතු.
අධිගම ඥානය
නා. මාර්ගඵල අවබෝධයෙන් ලැබු නුවණ.
අධිගමනය
නා. වැටහීම; අවබෝධය.
අධිගමය
1. නා. පැමිණීම; එළඹීම; දැනගැනීම; අවබෝධය; ප්රතිවේදය.
2. නා. ලෝකෝත්තර මාර්ගඵල හා සතර ප්රතිසම්භිදා, ෂඩ් අභිඥා, ත්රිවිද්යා යන සියල්ල අවබෝධ කර ගැනීම, රහත් බවට පැමිණීම.
අධිග්රහණය
(පාරිභා.) නා. ආහාර ගැනීම; ආහාර, බෙහෙත් ආදිය ශරීරය තුළට ගැනීම(=ingestion).
අධිගුණය
නා. ශ්රේෂ්ඨ ගුණය; අධික ගුණ විශේෂය.
අධිගෘහීත
වි. අයිති කරගත්; අරක්ගත්.
අධිචර්මය
(පාරිභා.) නා. පැළෑටිවල කඳන්, මුල් සහ කොළ යන අංගවල පිටතින් ඇති ආරක්ෂක ස්තරය (=epidermis).
අධිච්චසමුප්පන්න වාදය
නා. ආත්මයත් ලෝකයත් හේතු ප්රත්යය රහිත ව පහළ වුණේ යැයි කීම.
අධිචිත්තය
නා. (අභි.) විදර්ශනා පාදක අෂ්ට සමාපත්ති චිත්තය හෝ මාර්ගඵල චිත්තය.
අධිට්ඨාතව්යය
වි. අධිෂ්ඨාන කළ යුතු.
අධිතක්සේරුව
1. (පාරිභා.) නා. ප්රමාණයට වඩා වැඩි වටිනාකමකින් යමක් හෝ යම් පුද්ගලයෙකු පිළිබඳ ව සිතීම හෝ කටයුතු කිරීම; නැති අගයක් ලබා දීම.
2. නා. ඉතා වැඩියෙන් තක්සේරු කිරීම (=over valuation).