සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 854
දුර්ගතිගාමී
වි. දුගතියට යනසුලු; අපාගත වන.
දුර්ගතිය
නා. දුගතිය; නිරය.
දුර්ගන්ධ
නා.ප්‍ර. දුගඳ.
දුර්ගම
1. වි. ගමන් කිරීමට අපහසු; යෑමට දුෂ්කර.
2. වි. අවබෝධයට දුෂ්කර; තේරුම් ගැනීමට අපහසු.
දුර්ගය
1. නා. යෑමට අමාරු තැන; දුක සේ ගමන් කළ යුතු තැන.
2. නා. (පැරණි) රාජ්‍යයකට අයත් විය යුතු අංශවලින් එකක් වන බලකොටුව.
දුර්ගුණ
නා.ප්‍ර. නරක ගතිගුණ; දුෂ්ට ගති.
දුර්ඝට
1. වි. ගැටලු සහිත; දුරවබෝධ.
2. වි. කළ නොහැකි; එක් කරන්ට අපහසු.
දුර්ජනයා
නා. අසත්පුරුෂයා; නපුරු ගති ඇත්තා; දුදනා.
දුර්ජය
වි. ජය ගැනීම දුෂ්කර; දිනීමට අපහසු.
දුර්ජර
වි. දිරවීමට අපහසු; දිරවාගත නොගෙන.
දුර්දම
වි. හික්මවීමට දුෂ්කර වූ; දමනය කිරීමට අපහසු.
දුර්දර්ශ
1. වි. බැලීමට අමාරු; දැකීමට අපහසු.
2. වි. අවබෝධ කරගැනීමට අපහසු.
දුර්දර්ශක
1. වි. පෙනීම අඩු වූ.
2. වි. නපුරු බැල්මක් ඇති; නරක පෙනුමකින් යුතු.
දුර්දර්ශන
වි. අවලක්ෂණ වූ; විරූපී.
දුර්දාන්ත
වි. දමනය නුවූ; හික්මවීමට අපහසු; නොහික්මුණු.
දුර්දින
නා.ප්‍ර. නොපායන මනා ලෙස හිරු දින; වැසිබර වලාකුළින් වැසුණු අඳුරු දවස.
දුර්ධර
වි. දැරීම දුෂ්කර; නඩත්තුව අසීරු; ඉසිලීම පහසු නැති.
දුර්නිරීක්ෂණය
(පාරිභා.) නා. වැරදි ලෙස බැලීම; හරි හැටි නොබැලීම (=malobservation).
දුර්නිවාර
වි. වැළකීම දුෂ්කර; පහසුවෙන් වළක්වාලිය නොහෙන.
දුර්නිවිෂ්ට
වි. මනා සේ තැන්පත් නොකරන ලද; මනා සේ නොරක්නා ලද.
දුර්බල
වි. සවිශක්තිය පිරිහුණු; බලයෙන් හීන; දුබල
දුර්බෝධය
නා. වටහා ගත නොහැකිකම; අනවබෝධය.
දුර්භක්ෂය
(පාරිභා.) නා. අමාරුවෙන් ආහාර ගැනීම; ගිලින්නට ඇති අමාරුව (=dysphagia).
දුර්භග
වි. නිසරු; අවාසනාවන්ත; නිශ්රිත