සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 916
නිත්‍ය
1. වි. සැමදා පවතින; ස්ථිර; නියත; නොවෙනස්.
2. වි. නියමිත.
නිත්‍ය අනුප්‍රාප්තිය
නා. ස්ථිර ව සිදු වන අනුක්‍රමික පැමිණීම; නියත වශයෙන් අන්තරාගමනය.
නිත්‍ය අනුපාතය
නා. නියමිත අනුකූල ප්‍රමාණය; අනුපාත දෙකක් අතර ඇති ස්ථිර සමානත්වය.
නිත්‍ය ආඥාව
නා. වෙනස් නොවන අණ; ස්ථිර නියෝගය.
නිත්‍ය ඉන්ජන්ෂන් තහනම
නා. (නීති.) නඩු මාර්ගයෙන් පනවන ස්ථිර තහනම් ආඥාව.
නිත්‍ය චුම්බකය
(පාරිභා.) නා. වරක් කාන්දම් කැවීමෙන් අනතුරු ව කාන්දම් ශක්තිය අඛණ්ඩ ව පවත්වා ගත හැකි වීම; ස්ථීර කාන්දම.
නිත්‍ය තාපාංකය
(පාරිභා.) නා. ද්‍රවයක් වාෂ්පයට හැරෙන උෂ්ණත්වය.
නිත්‍ය දෘෂ්ටිය
නා. ආත්මය සදාකාලිකය යන මතය; ශාස්වතවාදය.
නිත්‍ය භාරය
(පාරිභා.) නා. (භෞති.) භාණ්ඩ පැටවීමට පෙර හා පසු පැවති විස්ථාපනයේ වෙනස (=dead weight).
නිත්‍ය ලෙජරය
(පාරිභා.) නා. ව්‍යාපාරික කටයුතුවල හර සහ බැර සටහන් තැබීමේ මූලික පොත. (=perpetual ledger).
නිත්‍ය වාසය
නා. ස්ථිර පදිංචිය.
නිත්‍ය විධානය
(පාරිභා.) නා. ස්ථාවර තහනම් නියෝගය (=perpetual interdict).
නිත්‍ය ස්ථායිතාව
නා. (මුදලේ අගය) වෙනස් නොවී පැවතීම; මූල්‍ය අගයේ ස්ථාවරත්වය.
නිත්යගති
(පාරිභා.) නා. නොකඩවා පවත්නා වූ සුළඟ.
නිත්‍යග්‍රාහය
නා. (අභි.) (පැවැත්ම) ස්ථිරය යන අදහස්හි පිහිටීම; සදාකාලිකය යන හැඟීම ඇති කර ගැනීම.
නිත්‍යතාව
නා. (ක්‍රිස්ති.) සදාකාලිකබව; අමරණීයත්වය; ආනන්ත්යය.
නිත්‍යතුහින
(පාරිභා.) වි. නිතරම දිය මිදී පවතින; නිතර හිම පවතින (=permafrost).
නිත්යද්රව්ය
නා.ප්‍ර. (තර්ක.) ද්‍රව්‍ය පදාර්ථයට අයත් කොටස් නවය; පෘථිවිය, ජලය, තේජස, වායුව, ආකාශය, කාලය, දිශාව, ආත්මය, මනස යන භාව රූප.
නිත්‍යඵල
වි. නිතොරව පල දරන; හැම විටම ගෙඩි හටගන්නා වූ.
නිත්යයෝගය
1. නා. (ව්‍යාක.) නිරතුරුව එකට පැවැත්ම; සැමවිට එකට බැඳීම.
2. නා. නිරන්තර භාවිතය; නිතර (අනුභවය සඳහා) යෙදීම.
නිත්යලේකම්
නා.ප්‍ර. අමාත්‍යාංශයක පරිපාලනය හා වගකීම භාර ප්‍රධාන නිලධාරියා; ස්ථිර ලේකම්.
නිත්යවිරෝධි
වි. සදා විරුද්ධ වූ; සදා ප්‍රතිවාදී; ජන්ම සතුරු.
නිත්යවේතන
නා.ප්‍ර. වෘත්තියක යෙදී සිටින්නකුට සියලු ම දීමනාවන් සහිත ව ලැබෙන ස්ථිර ගෙවීම.
නිතාන්ත
වි. අත්‍යන්ත; ඉතා අධික.