සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 934
නිර්ධූත
වි. පහ කළ; සොලවා ඉවත් කළ; ගසා දමන ලද.
නිර්ධූනන
නා.ප්‍ර. උඩුකුරු කොට සෙලවීම; උඩට ඔසොවා බිම හෙළීම.
නිර්පාත්රි
(පාරිභා.) වි. පහසුවෙන් රෝගාදිය නොවැලඳෙන; නීරෝගපාත්රී (=insusceptible).
නිර්බන්ධය
1. නා. බලවත් අයැදුම; නැවත නැවත අයදීම; ඇවිටිල්ල.
2. නා. දෘඪ ග්‍රහණය; බලවත් ආශාව.
නිර්බාධිත
වි. අවහිර නොකරනු ලැබූ; බාධා විරහිත
නිර්බෝධ
වි. බුද්ධිමත් නොවූ; වැටහීමක් නැති; අනුවණ.
නිර්භක්ත ඖෂධය
නා. ආහාර අනුභවයෙන් තොර ව ගනු ලබන බෙහෙත; නිරාහාර ව සිට බුදින ඔසුව.
නිර්භය
නා. භය රහිත; බිය නැති; බිය නොවන.
නිර්භර
වි. අතිශය; දැඩි; ඉතා වැඩි.
නිර්භරණය
(පාරිභා.) නා. (වෛද්‍ය.) මන්දපෝෂණය නිසා ශරීරයේ ඇති වන වැහැරී යෑම; කායික ක්ෂයතාව (=atrophy).
නිර්භින්න
1. වි. මුළුමනින් බිඳී ගිය; කැඩී විසුරුණු හෝ පිරුණු; පොඩි පට්ටම් වුණු.
2. වි. ඒකාකාර.
නිර්භීත
වි. භය නැති; බිය නොවන.
නිර්භෞමික
වි. පොළොවට හෝ මෙලොවට අයිති නැති.
නිර්මථනය
නා. මැඩපැවැත්වීම; යටපත් කිරීම; පරාජය කිරීම; වැඩීම.
නිර්මද
1. වි. මදයෙන් තොර; මද රහිත.
2. වි. මත්බව හෝ අභිමානය හෝ නැති.
නිර්මල
1. වි. කිලුටෙන් තොර; පිරිසිදු; පවිත්‍ර.
2. වි. වරද නැති; දෝෂ රහිත; පවින් තොර; නිකෙලෙස්.
3. වි. පැහැදිලි; නිරවුල්.
නිර්මලීකරණය
නා. අපද්‍රව්‍ය බැහැර කිරීම; පිරිසිදුබවට පත් කිරීම.
නිර්මාංශ භෝජක
නා. මාංශ රහිත ආහාර අනුභව කරන්නා.
නිර්මාණ බුද්ධිය
1. නා. නැති යමක් ඇති කිරීම; හටගැන්වීම; මැවීම.
නිර්මාණ රේඛා
(පාරිභා.) නා.ප්‍ර. සැලැස්මවල් ඇඳීමේ දී භාවිත කරන රේඛා වර්ගයක් (=construction line).
නිර්මාණක
වි. නිර්මාණය වන; නිමවන; සාදන හෝ සෑදෙන.
නිර්මාණකයා
1. නා. අලුත් දේ සාදන තැනැත්තා.
2. නා. මැවුම්කරු; විශ්වයේ නිර්මාතෘ.
නිර්මාණක්ෂම
වි. නිමැවුමෙහි දක්ෂ වූ; නිමැවීමට තුඩු දෙන.
නිර්මාණකාය
නා.ප්‍ර. මහායාන ධර්මයෙහි දැක්වෙන පරිදි බුදුරදුන් පිළිබඳ අවස්ථා තුනෙන් එකක්; නිර්මිත බුද්ධ රූපය.